Thursday, July 12, 2012

අපි දකින දසුන් - අපි හිතන හැටි

මේ පහුගිය දිනක මුහුණු පොතේ මා දුටු පිංතූරයක්. එහි මහා පුදුමයක් නොවන්නේ මේ වැනි සේයා රූ ඇති පදම් දිනපතා අප මුහුණු පොතේ දකින නිසාවෙන්. ඒ වුණත්.........................
සමාවන්න මෙය මගේ පුද්ගලික මතයයි! එයට එකඟ නොවීමට ඕනෑම අයෙකුට සාධාරණ අයිතියක් තිබේ - බොහෝ දෙනා තමන්ගේ රට බාල්දු කරමින් කතා කිරීමට නිරතුරුව පුරුදු වී ඇත. මෙය අපට කවුරුන් හෝ විසින් පුරුදු කර ඇති කරුමයකැයි සිතේ. රට යනු දේශපාලනය හෝ අන් කවරක් හෝ නොවේ. අපේ රටේ මෙහෙමයි කියන විට යම් ඈයින් තුටු වනු ඇත. නමුත් එය සමස්ථ සිතුවිලි ප්‍රවාහයටම අපේ අනාගත දූ දරුවන්ට උරුම කරන ආකල්ප සපුරාම වෙනස් කරයි. මෙය කිසිසේත් ඔබට කියන්නක් නොව මෙවන් දෑ නැවත නැවත ප්‍රචාරණයට පෙර යලි සිතිය යුතු බැව් මතක් කර දීමක් පමණි.

අප යුධකාමීන් නොවේ. අපට කවුරුන් හෝ පෙළන්නට අවැසි නොවේ. ඒ නිසාම අපට බිය වන්නටද කිසිත් හේතු නැත.

"බස් රථය යනු පොදු මහජනතාවගේ රථයයි. එය කුඩා දුවා දරුවන්ගේ සිට කාන්තාවන් රෝගීන් මහළු පුරවැසියන් හට තරාතිරම නොබලා ගමන් පහසුව සලසයි. මහ වැස්සේද පොදු ජනතාවට මහ මග පිළිසරණ මේ බසයම නොවේද? වැසි වැටුනත් පාරම වතුරින් පිරුණත් තම බසයේ නැගි ඉක්මනින් ගෙදර බලා යන මිනිසුන් කෙසේ හෝ ගෙනයන්නට උත්සහ කරන බස් රියදුරාගෙන් දැනෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ තවමත් ඉතිරිව ඇති මිනිස්කමේ මිහිර නොවේද?"
අපි හැමදාම මේ වගේ දෙයක් දැක්කහම අඩුම තරමේ මේ දේ ලියල තියන්නවත් හැකි නම් අඩුම තරමේ මේ පණිවිඩය කීප දෙනෙක් හෝ කියවාවි කීප දෙනෙකුට හෝ දැනේවි හැඟේවි

මේ රූපය දැක එසේ ලිවීම මැනවැයි මට සිතුනා

9 comments:

  1. සිරා කතාව මචෝ !!!!

    ReplyDelete
  2. atta kathawa matcho

    ReplyDelete
  3. meya rata pahath kirimak nowe wiwechanaya kyrimak pamani...wiwechanaya nomathi nam diunuwakda natha...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහසට

      විවේචන අවැසි බැව් සබසකි සොයුර.නමුත් මෙය කුමක් විවේචනය කිරීමක් දැයි මට සැක සහිතයි.

      මෙයට වඩා සමාජයේ එදිනෙදා වන අකටයුතුකම් ගැන අපට විවෘතව නොබියව විවේචනය කල හැකි නම් (මෙවන් රූප නිර්මාණයෙන් පවා) විවේචන ඔබ කියන්නා සේම වඩාත් ප්‍රයෝජනවත් වේවි ඉදිරි ගමනට

      අපේ ඇති එක අඩුවක් තමයි ඔබ කියන්නා වගේ මේ ධනාත්මක විවේචන(constructive criticism), ඒ කියන්නේ යමක් නිවැරදි කරවන්න බලපෑම් කරන විවේචන

      ස්තූතියි එය මතු කිරීම ගැන

      Delete
  4. ඇත්තටම මම මේ හිතන්නේ..මොකක් කියන්න ද කියල..

    ReplyDelete
  5. හැම දෙනාටම ස්තූතියි සොයුරු සොයුරියනි !!!

    ReplyDelete
  6. සමීර ඔබ කියන දෙයට මමත් එකඟයි. අපිට නොහැකියි කියල අපි අපේ ජාතිය හෑල්ලුවට ලක් කරන්න හොඳ නෑ. ඒක ඉතාමත් පරාදීන හැඟීමක්. යටත් විජිතයක් වී සිටීමේ ආදීනයක් තමා ඒ. ඒ පරාදීන හැඟීම ඊ ළඟ පරම්පරාවට උරුම නොකළ යුතුයි.
    මේ රූප පෙල දකිද්දී මට ඇති වෙන්නේ වෙනස් හැඟීමක්. ඇත්තටම අපට ඒ වගේ බැරිද? ඇමෙරිකාවට, රුසියාවට, එංගලන්තයට, චීනයට, ප්‍රංශයට හැකි දේ අපට නොහැකි ඇයි? ඔය වතුරේ යන්න බස් රථයක්වත් අපට හදා ගන්න තවම හැකි වෙලා නෑනෙ. අපි අපේ දූ දරුවන්ට - අනාගත පරම්පරාවට දෙන්න ඕනෙ හැඟීම තමා අපිත් එසේ කළ යුතුයි. අපටත් එසේ කළ හැකියි කියන හැඟීම.
    අපි ළඟ ඉතිරි වෙලා තියෙන පොඩි පොඩි දේවල් කරේ තියාගෙන තවත් දශක ගනනාවක් මෙහෙමම යනවාද, නැත්නම් ස්වයං විවේචනයක යෙදිල ලොකු ඉදිරි පිම්මක් පනිනවද?
    සමීර අපි ජාතියක් හැටියට ඒ තීරණය ගන්නා තුරු අපට අපගේ පෞරාණික ශ්‍රී විභූතිය හා " බස් රියදුරාගෙන් දැනෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ තවමත් ඉතිරිව ඇති මිනිස්කමේ මිහිර" බුක්ති විඳ විඳ ඉන්න වේවි.

    ReplyDelete
  7. සබසක් බන්දු

    බොහොමයක් දෙනෙකුට උපතින්ම හිමි නමුත් නිදිගන්වා ඇති දෙයක් ගැනයි ඔබ කතා කරන්නේ. අපි අපේ වාරුවෙන් නැගිට අපට කල හැකි දේ මේ යැයි තේරුම් ගන්නා තුරු, ඉදිරියටත් ඉදිරියෙන් සිතා කටයුතු කරන තුරු අපට ඉන්නට සිදු වේවි.

    අපට අවැසි දේ ගැන සිතුවොත් එය ලැබෙන මග එය කෙරෙන මග මේ යැයි පසක් වනු නියතයි. අවාසනාවක මහත අපට අවැසි දේ සිතීමත් යම් කඩතුරාවකින් වැසී තිබේ.

    ඉතින් ඒ ගැන වැඩක් කල හැකි නම් කොතෙක් යහපත් වේද !!!

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!