සිත් ගිම් නිවා
ආ මුදු පවන් රළ
සුවඳ වී අප ජීවිතේ
අරුණක් ව හැඟුමක්
සිනාසෙයි එනතුරා
පෙරමග අප වෙතේ
හද නැවුම් හැඟුමන් පිබිද විත්
නුඹ නැගෙන ආකහ වසා ලන්නට
හිරු සඳු තරුද මඟ බලා ඉන්නේ
නුඹේ පෙර මග සිනාසෙන්නට
ගහ කොළද පිණි පොද වැටී යයි
නුඹ පා පියුම් පොඩි දොවා ලන්නට
සිහින සුරඟන සිනාසෙයි
නුඹ හොවා තුරුලේ සනසවන්නට
ගමනාන්තයක් නොදැන හැම දෙනා එදිනෙදා දුවන ගමනේ ඉසිඹුලන මොහොතක අප වටපිටාව ගැන මට දැනෙන දෑ ගැන මගේ සටහන්
Sunday, January 8, 2012
Thursday, January 5, 2012
අනුන් හා තමුන් 1
කුඩා කල මා බොහොමයක් විට මං ලොකු වුණාම කවුරුන් වේදැයි මව්පියන් ගෙන් අසා ඇත්තෙමි. ඒ විට මට හැම විටකම ලැබුණු උත්තරය ඒ තරම් පොඩි එකෙකුගේ හිත් ඇද ගන්නා උත්තරයක් නොවුනු බැව් මගේ හැඟුමයි.
කියවන ඔබ පිලි ගත්තත් නොගත්තත් උත්තරය වුනේ අන් අයට කරදරයක් නොවන තමන්ටත් අන් අයටත් යහපතක් ම වන කෙනෙක් වනු බවයි. ඒ ගැන උත්තර කියන්න තාමත් බොහොම කල් වැඩි බැව් මගේ අදහසයි. මෙතන මට කියන්න අවැසි වුනේ මේ වදන් පෙළ ජීවිතයට කොයි තරම් සැනසීමක් ගෙන ආ දැයි කියායි.
ඒ කතාව මට මතකයට ආවේ පහු ගිය දවසක මිතුරකුගේ නිවසක දුටු සිදුවීමක් නිසයි. පොඩි උන් දෙන්නෙකුගේ අනාගතය දෙමව්පියන් විසින් තීරණය කිරීම කොයි තරම් සාධාරණ දැයි කියන දේ කෙසේ වෙතත් අවුරුදු දෙක හමාරේ පුංචි උන්ටත් නිදහසේ ඉන්න නොහැරීම ගැන නම් මට ඇත්තේ අකමැත්තක්. තාක්‍ෂණය තව දුරටත් මහා විසාල බාධාවක් නොවන නගර අතරමැදි නගරවල දිවි ගෙවන පුංචි වුන්ට තමන්ගේ මව්පියන්ගේ කාර්‍යබහුල දින දසුනේ හිමි වන තැන සීමා වීමේ ප්‍රතිඵල ගැන තවමත් කියන්නට කල් මදි කියලයි හිතෙන්නේ.
ඉතින් මේ ගෙදර පුංචි උන් දෙන්නා රණ්ඩු වුණා ලොකු වුණාම කවුරු වෙනවද කියන එක ගැන. දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් පුංචි උන් දෙන්නා උසි ගන්වුවා අරයට වඩා මම ඉහලට යන්න ඕන කියන දේ කියලා. මේක සම්‍යක් ප්‍රයෝගයක් විදිහටත් අපිට ගන්නට හැකියි.
නමුත් පහුගිය සතියේ මේ දරුවන් දෙන්නා හම්බ වුන වෙලාවේ මට කියුවේ අනිත් අයගේ වැරදි රැසක්. තමන්ගේ පංතියේ යාළුවන් ගේ ඉඳන් අම්මා තාත්තා වෙනකම් ම වැරදි ගොඩාක් මාත් එක්ක කියවන් ගියා. යම් අයෙක් බොහෝ විට අන් අයගේ වැරදිම අපත් එක්ක කතා කරන්නේ තමන්ගේ යම් දෙයක් උළුප්පන්න කියන දේ මම විශ්වාස කරන දෙයක්.
ඉතින් නොදැනීම අපට මේ සමාජයේ බොහොමයක් තැන හමුවන මෙවන් අහිංසක මිනිසුන්ගේ හිත් මට්ටමටම මේ දරුවනුත් ඇද දැමීමේ වගකීම දෙමාපියන් ගත යුතුයි කියායි මට හිතුනේ.
ඒ හැම දේටමත් වඩා ඉදිරි කාලය තුල ලෝකය තුල අන් අය දෙස තරඟකාරිත්වයෙන් නොබලන්නට දරුවන්ට කියා දීම වැදගත් කියායි මම හිතන්නේ. ඒ තුලින් දරුවාගේ හිත් තුල ඇති කරන සැනසීමෙන් දරුවා තම ගමන් මග තනා ගනීවි. උගෙනීවි ලෝකය දෙස ධනාත්මක ව බලන්නට.
බොහොමයකට බොහෝ අදහස් ඇති! මේ මගේ අදහසයි......................

Subscribe to:
Posts (Atom)