ගමනාන්තයක් නොදැන හැම දෙනා එදිනෙදා දුවන ගමනේ ඉසිඹුලන මොහොතක අප වටපිටාව ගැන මට දැනෙන දෑ ගැන මගේ සටහන්
Sunday, December 19, 2010
අහඹු කෞතුකාගාර සර
මහා සිංහල වංශ කතාව බලල ආපු ආවේගයෙන් විවිධ තැන්වල බොහොමයක් දවස් ඇවිදලකරල හොයාගත් හැම ඉතිහාස පොතක්ම පාහේ කියවලා හිත සනසගත්ත මට අළුතින් ලැබුණු පොත් කීපයක් කියවලා නැවතත් ඉතිහාසය ගැන යට කරගෙන උන්න ආසාව උඩට ඇවිත් බොහොමයක් දවස්. ඒ වුනත් ඒ ගැන වැඩ කටයුතු වලට වෙලාවක් වෙන් කරගන්නව කියන දේ කර ගන්න වෙලාවක් ලැබුනෙම නැති තරම්.
දෙසතියකට කලින් ඉරිදාවක මම වෙන වැඩකට බම්බලපිටියට ඇවිත් බලපුවාම වැඩේ ඉවර වෙන්න තව පැය 2ක්ම තියනවා කියලා දැන ගත්තහම කල්පනා කලේ මොකද කරන්නේ කියලා. තව දුරටත් නිකම්ම කඩකාමරවල තියන දේ බල බලා යන්න කාලය වැයකරන එක අපරාදේ කියන දේ හිතිලා ගොඩක් කල් නිසා නැවත රථයට නැගිලා පොඩ්ඩක් එලියට ගමන්ගත්තා. රැජින පාරෙන් ඇවිත් ඉදිරියට යනකොටත් මට අදහසක් නොතිබුණත් ඒ ගොඩනැගිල්ල දකිනකොටම මට තනියම හිනාවක් ගියේ මම නිවැරදි තැනකට ආවා කියන හැඟුම දැනිලා. ඒ තමයි සුදෝසුදුවට පෙනෙන අපේ කෞතුකාගාරය.
මම හිතන විදිහට මම කෞතුකාගාරයට ගියේ වසර 4කට පස්සේ. රුපියල් 25ක මුදලකට ලැබෙන ප්‍රවේශපතත් අරන් ඇතුලට යනකොට මම දැකපු මුල්ම දේ තමයි ඇතුල් වෙන්න හිටි බොහොමයක් නරඹන්නෝ විදේශිකයන් වීම. කොහොම වුණත් මගේ පුද්ගලික මතයනම් කෞතුකාගාරය මේ වෙන කොට ඉස්සරට වඩා පිලිවෙලයි කියන එක. ඒ වුණත් රටක කෞතුකාගාරය කියන තැන තිබිය යුත්තේ බඩු භාණ්ඩ විතරක්මද මීට වඩා හදාරන්නට කියවන්නට දෑ තිබිය යුතුයි කියලා මම හිතනවා. නමුත් ඒ ගැන නොවෙයි මම කතා කරන්නට යන්නේ!
මුළු කාලයේදිම මට හමු වුන ලාංකිකයන් අතරින් යුගල නොවන ඈයින් හිටියේ 15කට අඩු ප්‍රමාණයක්. හැම යුවලක්ම පාහේ වසර 25ට අඩු හෝ ඒ අවට පිරිස්. හැබැයි මේ හැම දෙනාම වාගේ හොඳ සංයමයකින් හැසිරුණා. සමහර විට ඔව්නට ආදරේ කරනවාටත් වඩා කටුගෙයි ඇති ශ්‍රේෂ්ඨ අතීතය සිහිපත් වුණාද කියලා දැනෙනවා. මම දන්නා තරමින් අපේ බොහොමයක් දෙනා අපේ රටේ පලමු රාජධානිය කුමක්ද? කියන පැනයට වුවත් පිලිතුරු දන්නේ නෑ. බොහොමයක් විට තම තමන් අන් රටවල විශාල ගොඩනැගිලි ආදී දුටු දෑ ගැන කියන බොහෝ දෙනාට (සමහරක් විට ඔව්න් එය හැබැහින් දැකලත් නෑ) තමන්ගේ රටතුල තිබෙන ලෝකයේ ගඩොලින් නිර්මිත පුරාණතම විශාලම නිර්මාණ ගැනවත් හැඟුමක් නෑ. අපට අපේ නුදුරු ඉතිහාසයේ කොතැනක හෝ වැරදිලා කියලා දැනෙන්නේ මේ දේවල් ගැන දැනුමක් හැඟුමක් නොමැති බොහෝ දෙනෙක් දකින නිසයි. ඉතිහාසය ගැන හැඟුමක් නැත්තාට දැය ගැනවත් රට ගැනවත් හැඟුමක් ජනිත නොවන බවයි මගේ හැඟුම. දැනුනත් ඒ හැඟුමට බරක් නෑ බොහොම සැහැල්ලු වගකීමක් නෑ. මෙහෙම පරපුරක් ගෙවෙන තැන ඉතිහාසය යම් පමණකින් මැකීයාවි.
ඉතිහාසය කරපින්නාගෙන යෑම කරන්න අවැසි නෑ. ඉන් ඇති සෙතකුත් නෑ. ජාතිය ආගමත් නොවේ ඉතිහාසය හැමෝටම පොදු දෙයක්. ඒ දේ වඩා හොඳින් කෞතුකාගාරයේ දකින්න තියනවා. බොහෝ විදෙස් සංචාරකයින් අතර අපේ මිනිසුන් කටුගෙයතුල ආඩම්බරයෙන් ගමන් කරන හැටිත් ඔව්නට විවිධ දෑ කියා දෙන හැටිත් හරිම අපූරුයි. ඉතින් මම හිතනවා දැන් නිසි කලක් ඇවිත් කියලා මේ ගැන අපේ මිනිසුන් උනන්දුකරවන්න. ඔබට නිකම්ම කල් ගත කරන්නට යනවෙලාව මේ වගේ තැනක ගත කරන එක පාඩුවක් නෑ කියලයි හිතෙන්නේ.
ඉතින් රුපියල් 25 ප්‍රවේශ පත්‍රයෙන් ඇතුලට ආපු මම පැය 2කම ගත කරලා (කෞතුකාගාරයක යම් කෙනෙකුට පැයකුත් තව අයෙකුට පැය 10ක් වුනත් ගත කරන්න පුළුවන් කියන කතාවත් හරි) එලියට ආවේ හිත තවත් සැහැල්ලු කරගෙන. වැඩි දියුණු විය යුතු සිදුවිය යුතු දෑ රැසක් කෞතුකාගාරයතුල තිබුණත් අපි අඩුම තරමේ වසර 2කට වරක් වත් මේ පැත්තේ ගියොත් අපට විවිධ තැන්වල කටයුතු කරන්න ලොකු ශක්තියක් තල්ලුවක් ලැබෙයි කියලා මම හිතනවා.
කාලය පලමු කොටස
ඒ නමුත් විවිධ තැන්වල ලියූ අතලොස්සක් දෑ අතරින් කිහිපයකින් හෝ යහපතක් වෙලා තියනවා කියා හැඟෙන්නේ යම් යම් ප්‍රතිචාර දකින විට. ඒ නමුත් මේ පිටුව අරඹනවිට මගෙ හිතේ තිබුණු ගැටළුවක් වුන අපේ රටේ පදිකයෝ හා රියදුරෝ කියන ලිපිය දිනපතා යාවත්කාලීන වෙනවා පාරේ යනකොට.
අපේ මිතුරන්ගේ ඉල්ලීම හින්දා එදිනෙදා කටයුතු වලින් වෙනස් වුන මුහුණු පොතේ ගීයක පහස කියන කණ්ඩායමත් ඇරඹුනා.
කරන කියන දෑ ගැන නැවත හැරිලා බලනකොට කාලය සීමිත වුණත් කරන කියන දේ හා ඇසුරු කරන්නන් හැම දෙනා ගැන තෘප්තිමත් බව ගේන්නේ හිතට පුදුම සැහැල්ලුවක් හා නිදහසක්
Sunday, September 5, 2010
ඔබ හිතන්නෙත් මෙහෙමද?
පහු ගිය දවසක මට මගෙ පරණ මිතුරෙක් හම්බ උනා. හැබෑවටම ඒ මමත් එක්ක ගමේ ඉස්කෝලේ අවුරුදු 12ක්ම එකට හිටපු මිතුරෙක්. අපි දෙන්නා හමු වෙලා කතා කරන්නේ වසර ගණනකට පස්සේ. ඇත්තටම අපිත් එක්ක උන්න මිතුරන් බොහොමයක්ම හොඳ තැන්වලට ගිහින් තියන එක ගැන අපි හරිම තෘප්තියකින් කතා කලා. ඊටත් වඩා මේ හැම දෙනාම තමන්ගේ ගමේ තියන අක් මුල් එහෙමම තියාගෙන ඉදිරියට යන එක ගැන හරිම ආඩම්බරයක් සතුටක් අපේ හිතට දැණුනා. මේ කතා බහ නිසාම තමයි මේ වගේ පොඩි සටහනක් කරන්න ඕන කියලා හිතුනේ.
බොහොමයක් ගමේ ඉඳන් ආපු පිරිස් තමන් නගරයේම කොටසක් බව පෙන්වන්න හදන එකත් ගමත් එක්ක තමන්ගේ ඇති අක්මුල් බිඳ ගන්න හැකිතරම් උත්සහ කරන එකත් පොදු දෙයක් වෙලා. හැබැයි නගරයේ දිවි ගෙවපු ඈයින්ට තමන් ගමේ කෙනෙක් කියලා කියන්න හරිම ආසාවක් ඇති බවයි මගේ හැඟීම. මේ කුමක් උනත් ඒක ඒ අයගේ කැමැත්ත නොවැ. මම කතා කරන්න හිතුවේ මේ දෙපිරිසේ නාටකය ගැන නොවෙයි. මේ කවුරු උනත් මේ හැසිරෙන විදිහෙ හැටියට අපේ සමහර වටිනා කියන දේවල් දෙපසටම නැති වෙලා යන එක ගැනයි.
සරලවම කිව්වොත් අද සිහල බස කතා කරන බොහොමයක් දෙනාට ඒ කතාව මැදට ඉංග්‍රීසි යෙදුමක් නැතිනම් එහෙම නැත්නම් සම්පූර්ණ වැකියක් සිංහලෙන්ම කිව්වොත් එයාට ඉංග්‍රීසිත් බෑ ටිකක් ගම් කාරයෙක් කියලා හිතන පිරිසක් ඇති වෙලා (අවශ්‍ය තැන් වලදී ඉංග්‍රීසිය යෙදීම වැදගත් කියන තැන මමත් ඉන්නවා). මම පහුගිය දිනක පුංචි කතාවක් සම්පූර්ණ සිංහලෙන් කරපු වෙලාවක මුළු කතාවට ම සවන් දීල මට ප්‍රශංසා කරපු අයෙක් “සම්පූර්ණයෙන්ම සිංහලෙන් හදා ගන්න ගොඩක් වෙලා ගියාද?” කියල ඇහැවුවේ බොහොම ආදරයෙන් හා ගරුත්වයකින්. හැබෑවටම තමන්ගේ මව් බසින් වචන පෙලක් කියන්න ඒ තරම් අමාරුද? සිංහල බස බොහොම අමුතු තාලයකට ඇදලා කතා කරන මේ මනුස්සයා වගේ ලංකාවේ ජීවත් වෙන තම මව් බස ගැන හැඟීමක් නැති උදවිය ගැනත් ඒ ඇත්තන්ගෙන් පැවත එන ඉදිරි පරම්පරාවන් ගැනත් අපට හිතා ගන්නටත් අමාරු තරම්. මම හිතන විදිහට ඉංග්‍රීසිය කියන දේ අද අපිට අත්‍යවශ්‍යයි. ඒ ගැන සැකයක් නෑ. මම කියන්නේ බස ගැන නෙමෙයි, හිතන පතන හැටි ගැනයි.
තවත් කතාවක් කීවොත් අද අපේ කීදෙනෙකුට පුළුවන්ද තව අයෙකුට ආයුබෝවන් කියල කියන්න. උදේට හම්බ වෙන අයට Good Morning කියනව වගේ ආයුබෝවන් කියල (බස තේරෙන අයට) බලන්න ඒ ගොල්ලන්ගේ මුහුණු කොයි වගේ වෙනවද කියලා. හරිම පුදුමයකින් ඔබ දිහා බලාවි (කලාතුරකින් සතුටකින්).
රටක අනන්‍යතාව රැකෙන්නේ එරටේ සංස්කෘතිය මතයි කියලා කියන දේ සබසක් කියලා මම හිතනවා. අපේ සංස්කෘතියේ ඇති වැදගත්ම දේ තමයි අපේ හරසුන් කොටස් නැති එක. ඒත් මේ හරවත් කොටස් හීන ලෝකවල ජීවත් වෙන අපේ අහිංසක මිනිසුන් අතරින් ගිලිහී යනවා කියලයි මට හිතෙන්නේ.
ඉතින් අපි ඇරඹුමක් විදිහට ආයුබෝවන් කියන්න පුරුදු වෙමුද උදේට/.
යෝජනාවක් විතරයි, ඔබට අවශ්‍ය දෙයක් කියල හිතෙයි නම් පමණක් කරන්න පටන් ගනිමු. සංවාදයට විවෘතයි!
සමීර
Tuesday, July 27, 2010
සංවේදී ගීතයක්
මේ පුංච් අදහස හැමෝම එක්ක බෙදා ගන්න හිතුවේ මෙතරම් අපූරුවට ලියන සිංහල සංවාද කරුවන් අපි හැමෝම එක මුලකින් බිහි වුන අංකුර කියල මට හිතුන නිසා.
හරිම අපූරු ගීතයක්, තම පෙම්වතිය වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් කෙතරම් ගීත රචනා වුවත් තම හිත් ගත් පුරුෂයා වෙනුවෙන් රචනා වුනු අතලොස්සක් ගීත අතරින් ඉදිරියෙන්ම ඇති ගීතය මේ යයි කියලා මම හිතනවා. පද රචනය හෙමින්සැරේ කියවලා නැවත ගීතය අහන්න එතකොට හිතෙනවා මොන තරම් සොඳුරු විදිහට උපමා යොදා ගෙන තියනවද ඇත්තටම මේ තරම් වරුණක්!!!
සමීර
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
ප්රියයානනේ ඔබ සුරකිම් බැතින්
ප්රියයානනේ…
කලලේ උපන් කොඳ මල් කැලේ
පොබයා සිසිල් පින්නෙන් දෙවූ
තරිඳුන් ඔබයි ප්රියයානනේ…
රණ බිම් වැදී සතුරන් දිනා
වියොවුල් නැසූ විජිතේ මගේ
නිරිඳුන් ඔබයි ප්රියයානනේ…
මේ ගීතය අහන්න
http://www.sinhalajukebox.org/
Monday, June 28, 2010
How do you relax my mind ?
How do I relax my mind ?
There are three basics you should follow.
1. You have executed every thing in your life, hence you must be ready to accept out comes.
2. You must understand no one responsible for your current state of mind. its you, you are the only one
3. So be relaxed no one can harm you and no one can heal you, its only you!!!
Sameera
Saturday, June 26, 2010
Wednesday, June 23, 2010
International Scores
Wednesday, June 9, 2010
Thursday, June 3, 2010
පැතුම් සඵල වීම
සුබ වෙසඟක්! ?
සමහරවිට මට හිතෙනවා මේ සමාජයත් එක්ක වෙසක් සැමරුම උත්සවයක් බවටත් හිත නිවෙන වෙසඟ ප්‍රීතිමත් වෙසඟක් බවටත් පෙරලිලා කියලා. හැබෑටම මොකක්ද වෙසඟේ සතුට? බුදුන් වහන්සේගේ ඒ ආශ්චර්යමත් තෙමඟුල විතරමද? මම හිතන්නේ මේ සතුට කියා කියන්නේ බුදුන්ගේ උපත බුදුවීම පිරිනිවන යන සියල්ල අවබෝධකර ගැනුමෙන් පහල වන ශාන්තිය කියලයි! මේ අනුව වෙසඟේ සැබෑ ප්‍රීතිය කියන්නේ කොයි විදිහේ දෙයක්ද?
මම හිතන්නේ මේ අපූර්වතම ගීතය ලියවී තිබෙන්නේ ඒ සියල්ල එක්තැන් කරමින්. සියළු සැප විඳිමින් දිවි ගෙවන අයෙකුට වුවත් දුගී පැලක අහිංසක මිනිසකුට වුවත් එක සේ බලපාන ජීවිතය නම් ඔරුවක නැගී යන අත කොයිදැයි නොමදැන ගෙවෙන මිනිස් දිවිය ගැන මෙතරම් ව්‍යක්ත ලෙස පද ගැලපීම අපේ කාලයේ යතිවරයකුගෙන් ඉටු වූ නිසි යුතුකමක් බැව් සිතමි.
ඉතින් වෙසඟේ නිසි සතුට අවබෝධයම බැව් මාගේ විශ්වාසයයි!
http://subadawasak.ning.com/video/api-asarana-wela-wage-hithata
හැමටම සුබ වෙසඟක් වේවා!
සමීර
www.subadawasak.ning.com
Sunday, May 9, 2010
ද්‍රව්‍යමය දේ ගැන තියන ආසාව
එය මට හම්බ වුනේ බොහොම අහම්බයකින් වගේ. ඒ වුනත් පුරා වසර 3ක්ම මං ළග මාව බොහොම ආරක්‍ෂාවෙන් තියා ගත්තා. මම එය ගන්න විඳපු දුක් සතුට බවට පත් කරන්න එයට ගියේ පුංචිම පුංචි කාලයක්. මගේ බොහෝ වැදගත් අවස්ථාවල එය මා ළඟ සිටියා. තරමක් අමුතු ගතියක් දැනුනත් ඒ මගේ මෝටර් රථයයි. මම වෙන එකක් ගන්න හිතා ගෙන මගේ රථය තව කෙනෙකුට දෙන වෙලාවේ හිතට දැනුනේ තමන්ගේ කෙනෙක් අතහරිනවා වාගේ.
ඇත්තටම මේ ද්‍රව්‍යමය දේවල් මේ තරම් අපට දැනෙන්නේ ඇයි? ඒ අපි මේ ද්‍රව්‍යමය දේ ගැන තියන ආසාව නිසයි. අපි රහත් වෙලා නැති අය වුනත් අපි ද්‍රව්‍යමය දේ ගැන ඕනවට වඩා කලබල නොවීමෙන් අපේ ජීවිත ගොඩක්ම සරල සතුට කරගන්න පුළුවන් කියලයි මම හිතන්නේ. හැබෑම උදාහරණයක් ගත්තොත් අපේ ගෙවල්වල අපි කොයි තරම් ගෘහ භාන්ඩ යාන වාහන තියා ගෙන ඉන්නවද කොයි තරම් දුරට ඒවා පාවිච්චි කරනවද? උදාහරණයක් ගත්තොත් අපේ ළඟම නෑදෑ ගෙදරක අපේ ආච්චිගේ සීයගේ කාලේ පුටු වගයකුයි කැබිනට්ටු වගයකුයි තාමත් තියනවා. මේවා මම හිතන්නේ කවදාවත් පාවිච්චි කරන්නේ නෑ (අපේ අම්මල නැන්දල හැමෝම මේවා හරියට පරිස්සම් කරනවා). අපිටවත් මේවා පාවිච්චියට ඉඩ දෙන්නේ නෑ/. මේ ළඟදි දවසක බලනකොට බාගයක්ම ගුල්ලෝ විදලා. ඉතින් ඒ වෙලාවෙදී මම කිවුවා මේවා නිකම්ම නිකම් ද්‍රව්‍ය විතරයි හැඟීම් පණ නෑ කියන එක.
හොඳට හිතලා බැලුවොත් මේ අපේ තියන ගැටළුවලින් බාගයක්ම මේ වැඩකට නැති ද්‍රව්‍ය නිසා කියලයි මට හිතෙන්නේ. ආපසු නොහැරී යන්නේ කොහෙද නොදැනී දුවනහැම දේටම වඩා තමන් ළඟ නැති දේ මොනවද කියලා හිතන මිනිසුන් පිරිණු ලෝකෙක මේ ගැටළු බොහෝ දෙනෙකු සතු බව කතාබහෙන් ම පේන දෙයක්.
මගේ මතය නම් මේ ද්‍රව්‍යමය දේ ගැන පමණ ඉක්මවා කරදර නොවීමෙන් අපිට බොහොම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න පුළුවන් කියන එකයි. (හැබැයි මේ මගේ අදහස විතරයි) . අන්තර් ජාලයේ වුනත් මේ ගැන විවිධ අදහස් තිබුනත් මම වඩාත් එකඟයි පහත වීඩියෝවේ ආචාර්ය රැන්ඩිගේ අදහස් වලට.
http://www.youtube.com/watch?v=BODHsU3hDo4&feature=fvst
හැමෝටම
සුබ දවසක්
සමීර
www.subadawasak.ning.com
Thursday, April 22, 2010
අපේ රටේ පදිකයෝ හා රියදුරෝ
කාර් එකකින් මීගමුවේ ඉඳන් එනකොට තමයි මේ හැම දේම උනේ. වෙලාව හවස 3ට විතර කටුනායක පහුවෙනකොටම පාරේ අනිත් පැත්තේ හිටපු දෙන්නෙක් එකපාරටම පාර මැද්දට ඇවිත් පැත්තවත් නොබලා පාරට පැන්නා. මම රථයේ තිරිංග තද කරලා අමාරුවෙන් නවත්තගත්තා. මේ පදිකයෝ දෙන්නා පාර පනින එක නවත්තලා ඇවිත් මට කෑ ගහගෙන ගියා. මම මොනවත් කියන්නෙ නැතිව අනේ අනිච්චං කියනකොට පිටි පස්සෙන් ආපු (සිද්ධිය දැකපු) අනිත් රථවල රියදුරෝ මැදියත් වෙලා ප්‍රශ්නේ විසඳුවා.
මීට දවස් කීපයකට පස්සේ මේවගේම සිදුවීමක් මම කිරිල්ලවලදිත් දැක්කා. එතන වාහනයටත් හානි කරලා. මේ වගේ සිදුවීම් අපි දිනපතාම වගේ දැන් දකිනවා. මෙහිදී මම ලොකු අඩුපාඩුවක් දකිනවා අපේ පදිකයන්ගෙ දැනුවත් කම ගැන. අපි හැම වෙලවකම පදිකයගෙ පැත්ත තමයි ගන්න හුරු වෙලා ඉන්නේ. ඒකට නම් වැඩියෙන්ම වග කියන්න වෙන්නෙ බේබදු රියදුරන්ටයි දුම්මල වරම ගත්ත බස් රථ රියදුරන්ටයි තමයි
කොහොම වුනත් මේ සම්බන්ධයෙන් පදිකයො දැනුවත් මදි කියලයි මට හිතෙන්නේ. මේ ගැන නීතිය දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවනම් හොඳයි. ත්‍රී රෝද රථ හා බස් රථ රියදුරෝ ගැන ලියන්න ගොඩක් දේවල් තිබුනත් මේ සම්බන්ධව අපි ටිකක් කථා කලොත් යහපතක් වෙයි කියල හිතනවා.
බීමතින් රිය පදවනවානම් බලන්න
http://www.youtube.com/watch?v=J_rjnx_OebY&feature=fvsr