Sunday, May 9, 2010

ද්‍රව්‍යමය දේ ගැන තියන ආසාව

බොහොම කාලයකින් ලියන්න හිතේ තිබුණත් ලියන්න වෙලාවක් තිබුනේ නෑ. පොඩි මාතෘකාවක් හිතට ආවා මම වාහනය තව කෙනෙකුට දුන්න වෙලාවේ ගිය සතියේ.

එය මට හම්බ වුනේ බොහොම අහම්බයකින් වගේ. ඒ වුනත් පුරා වසර 3ක්ම මං ළග මාව බොහොම ආරක්‍ෂාවෙන් තියා ගත්තා. මම එය ගන්න විඳපු දුක් සතුට බවට පත් කරන්න එයට ගියේ පුංචිම පුංචි කාලයක්. මගේ බොහෝ වැදගත් අවස්ථාවල එය මා ළඟ සිටියා. තරමක් අමුතු ගතියක් දැනුනත් ඒ මගේ මෝටර් රථයයි. මම වෙන එකක් ගන්න හිතා ගෙන මගේ රථය තව කෙනෙකුට දෙන වෙලාවේ හිතට දැනුනේ තමන්ගේ කෙනෙක් අතහරිනවා වාගේ.

ඇත්තටම මේ ද්‍රව්‍යමය දේවල් මේ තරම් අපට දැනෙන්නේ ඇයි? ඒ අපි මේ ද්‍රව්‍යමය දේ ගැන තියන ආසාව නිසයි. අපි රහත් වෙලා නැති අය වුනත් අපි ද්‍රව්‍යමය දේ ගැන ඕනවට වඩා කලබල නොවීමෙන් අපේ ජීවිත ගොඩක්ම සරල සතුට කරගන්න පුළුවන් කියලයි මම හිතන්නේ. හැබෑම උදාහරණයක් ගත්තොත් අපේ ගෙවල්වල අපි කොයි තරම් ගෘහ භාන්ඩ යාන වාහන තියා ගෙන ඉන්නවද කොයි තරම් දුරට ඒවා පාවිච්චි කරනවද? උදාහරණයක් ගත්තොත් අපේ ළඟම නෑදෑ ගෙදරක අපේ ආච්චිගේ සීයගේ කාලේ පුටු වගයකුයි කැබිනට්ටු වගයකුයි තාමත් තියනවා. මේවා මම හිතන්නේ කවදාවත් පාවිච්චි කරන්නේ නෑ (අපේ අම්මල නැන්දල හැමෝම මේවා හරියට පරිස්සම් කරනවා). අපිටවත් මේවා පාවිච්චියට ඉඩ දෙන්නේ නෑ/. මේ ළඟදි දවසක බලනකොට බාගයක්ම ගුල්ලෝ විදලා. ඉතින් ඒ වෙලාවෙදී මම කිවුවා මේවා නිකම්ම නිකම් ද්‍රව්‍ය විතරයි හැඟීම් පණ නෑ කියන එක.

හොඳට හිතලා බැලුවොත් මේ අපේ තියන ගැටළුවලින් බාගයක්ම මේ වැඩකට නැති ද්‍රව්‍ය නිසා කියලයි මට හිතෙන්නේ. ආපසු නොහැරී යන්නේ කොහෙද නොදැනී දුවනහැම දේටම වඩා තමන් ළඟ නැති දේ මොනවද කියලා හිතන මිනිසුන් පිරිණු ලෝකෙක මේ ගැටළු බොහෝ දෙනෙකු සතු බව කතාබහෙන් ම පේන දෙයක්.

මගේ මතය නම් මේ ද්‍රව්‍යමය දේ ගැන පමණ ඉක්මවා කරදර නොවීමෙන් අපිට බොහොම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න පුළුවන් කියන එකයි. (හැබැයි මේ මගේ අදහස විතරයි) . අන්තර් ජාලයේ වුනත් මේ ගැන විවිධ අදහස් තිබුනත් මම වඩාත් එකඟයි පහත වීඩියෝවේ ආචාර්ය රැන්ඩිගේ අදහස් වලට.


http://www.youtube.com/watch?v=BODHsU3hDo4&feature=fvst

හැමෝටම
සුබ දවසක්
සමීර
www.subadawasak.ning.com