Saturday, July 11, 2015

දේශපාලනය සහ මිනිස්සු

පෙරවදන. මුහුණු පොත බලන විට විවිධ ඇසූපිරූ තැන් දන්නා මගේ මිතුරන් එකම කරුණ ගැන දෙපසකට බෙදී දොඩවන දේ දැකීමෙන් කම්පාවී ලියමි!



"අවාසනාවක මහත! ලංකාවේ සැබෑ තත්වය පිළිබඳ අවබෝධයකින් තොරව ඒ ගැන දොඩවන පිරිස් බොහෝය. ලංකාවට වසර ගණනාවකින් පය නොතැබූ විචාරකයින් පිට රටට වී තමන්ගේ බහුශ්‍රැත විචාර ලියති. ලංකාවේ වසර ගණනාවක් ජීවත් වු උපන්ගෙයි අන්ධයින් ලංකාවේ දේශපාලනයේ පාට කියති. ඒ ගැන වාද කරති. රට ගැන රටේ අනාගතය ගැන හිතන ඒ නිසා හරිහැටි නින්ද නොයන අැත්තන් බැලූ බැලූ අත දැකිය හැකිය. මේ පණ්ඩිතයන්ට අනුව මූ හොරාය මූ දූෂිතයාය මූ දුෂ්ඨයාය මේ වීරයාය මූ මෝඩයාය කියා වර්ගකල හැකිය. තක්කඩිකම් කල උන්ට තැලිය යුතුය. අප තක්කඩිකම් කලොත් අපි අපටම තලාගත යුතුය. අරූගේ හොරකම තක්කඩිකමකි. අපේ එකාගේ හොරකම පින් තකා කල එකකි මේ අයියලා කියයි! තල් අත්තට බෙලි ගෙඩි වැටුනු විට අහස කඩන් වැටෙන බව හිතා හිස හැරුනු අත දුවන හාවන් රැසක් අතර දන්නා හඳුනන මුහුණු දැකීම කණගාටුවක් වගේම හිනාවකුත් මවයි. උඳු වැපුරුවෝ උඳු නෙලති මුං වැපුරුවෝ මුං නෙලති මිනිසුන් ඉන් කුස පුරවාගනිති"