Wednesday, March 7, 2012

වහින්නට හැකිනම් ගිගුම් දී


වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්...

‍රැ‍ඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුඩින් තුඩ
නෙලාගත හැකි වන මලක් වී...

නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබැ වන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී...



සාර සිතක පහල වූ සාර පද සංකල්පනාවක්!!! අපි හැම දෙනාගේම සිත් මොහොතකට හෝ කම්පනය කරන්නට පද පෙළ පමණක් වුවත් ප්‍රමාණවත් යැයි මට සිතෙනවා.

මේ තරම් තීව්ර පද පෙළක් සියුම් සංගීත පෙළහරකින් වර්ණවත් කල ඇති අපූරුව! අසන්න මොහොතක් වසින්නට පෙර ගිගුම් දෙන්නට සූදානම් වන අහස, වෙණ පෙළක වරුණ!

නන්දා මාලිනියගේ ගැයුම ගැන වැනුම් ඇවැසිද? ගීතයේ භාවයන් මේ යැයි ඇය අප වෙත කියා දෙන අයුර! දෑසම පියාගෙන අසන්න වරක් කුමක් සිතේද ඔබට අවසන! සිතේ නැංවෙන චිත්ත රූ පෙළ!

අගෙයි අගෙයි සැබැවින්ම විය හැකි නම් වරක් වත් එසේ කොතරම් සැනසුමක් දැනේවිද! නොවෙද අපට

3 comments:

  1. "පවන" අපේ යුගයේ ගීතමය විප්ලවය... ( අපේ යුගය කිව්වෙ *88-89 )
    එහෙත් මේ ගීතය යාවත්කාලීනයි. සමජ වැඩ කරන ඕනෑම කෙනෙකුට උත්තේජන සපයන සුළුයි.

    ReplyDelete
  2. හොද ගීයක් නැවත මතක් කර දීලා...

    ReplyDelete
  3. සබස් මිතුරනි

    ස්තූතියි

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!