Saturday, August 6, 2011

අහස සේ ඔබ අනන්තයි...

අහස සේ ඔබ අනන්තයි...

සයුර සේ ඔබ අනන්තයි...

මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි...

ඔබ අනන්තයි...


වෙණ තතක් හැඬවෙන තැනත් ඔබ

මධුවිතක් උතුරණ තැනත් ඔබ

තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ

පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ


අඩසඳක් සැඟවෙන තැනත් ඔබ

රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ

සිසිලසක් දනවන තැනත් ඔබ

උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ


පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - රෝහණ වීරසිංහ



ප්‍රේමයේ සොඳුරුතම හැඟුම් පිබිද

ආදරය කරන ආදරය පිරි පෙම්වතියකගේ හදවතේ නැගෙන

අව්‍යාජ සුපසන් හැඟුම් වදන් පෙළක ගොනු කර ඇති අරුමය

නාද සිත්තම

නන්දා මාලිනිය ගේ භාව පූර්ණ හැඟුම්බර ගැයුම

බලන්න පෙම්වතියගේ බැතිය ඈ සිත් තුල

ඇයගේ පෙම්වතා ගැන ගැයෙන පද පෙළහි ඇති සංයමය

නිවී සැනැහෙන

සුන්දර සැබෑ සොඳුරු ආදරය......................​........


අසා බලන්න http://www.youtube.com/watch?v=A1QddyTSpz8

2 comments:

  1. මමත් ගොඩක්ම ආස සිංදුවක්. කියන්න බැරි තරම් ආදරණීය වදන් පෙළක එකතුවක්. අපූර්වත්වය සැබෑවටම මේ ගීතය තුළ ගැබ්ව තිබෙනවා. නන්දා මාලනියන්ගේ ගැයුම අනගි භවනීයයි.

    ReplyDelete
  2. සබසක් ස්තූතියි

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!