Monday, July 11, 2011

කාලයේ වැලිතලාවෙන් සැඟවුනු  ඔබේ අවධානය ඉක්මනින් අවැසි බුදුන් වැඩි මහියංගනය නාගදීප පුදබිම

බොහෝ දෙනෙක් නොදන්නා සර්වඥ ධාතුන් වහන්සේ නිධන් වූ අසිරිමත් පුද බිමකට පිය තබන්නට පහුගිය දිනක මට හැකිවුණා. මේතැන වටිනාකම ලංකාවේ අපි වන්දනා කරන සිද්ධස්ථාන කිසිවකට නොදෙවෙනි නිසා මේ සටහන ලියන්න හිතුනේ.

මේ කතාව ඇරඹෙන්නේ මහියංගනයේ සිටයි. හියංගන නගරයේ ඉදන් බිබිල පාරේ ඉදිරියට කි මි 20ක් පමණ ගිය තැන හමු වනවා උරණිය කියා ගම්මානයක්. මේ උරණිය හංදියේ සිට නාගදීප විහාරය වෙත යන මග යම් අයෙක්ගෙන් ඇසුවහොත් කියාවි ගමන් මග නාගදීප විහාරයට.

ඔබ සිතුවා නිවැරදියි! මම කියන්න යන්නේ මේ නාගදීප විහාරය ගැනයි.

වෙලාව හවස 3ට පමණ ඇති. විහාරයට යන්නට දැන් යම් හොද මට්ටමක පාරක් ඇති බැව් මට පසුව දැන ගන්නට ලැබුණමුත් මම පැරණි මාවතම තෝරා ගත්තා. ඒ ගමන් මග වැටී තිබුණේ නාගදීප වැව් කණ්ඩිය මතින්.

එය තරමක් දුෂ්කර මගක් වුවත් නොඉදුල් වැවේ සුන්දරත්වය හරිම අපූරුයි.මේ ගමන් මග අවසන ඔබට පිවිසිය හැකියි නාගදීප විහාරය නම් වූ නිස්කලංක විහාර භූමියට.

බොහොමයක් විහාර වගේ නෙක කලබල නොමැති මේ විහාරාරාම සියවස් විස්සකට වඩා මෙහි පවතින බැව් බොහොමයක් දෙනා නොදත් කරුණක්. විහාරාධිපති හිමියන්ගෙන් දැන ගත් පරිදි මෙම විහාරය කාවන්තිස්ස රජු කල ඉදි කර දුටුගැමුණු රජු කල නැවත ප්‍රතිසංස්කරණය කරන ලද්දක්. ඇත්තටම අවට පිරික්සන විට ඔබට විවිධ ගොඩනැගිලි හා නටබුන් දැක ගත හැකියි. මේ වන විටත් චෛත්‍යයන් බොධීන් වහන්සේ මෙහි දැකිය හැකියි. ඒ අනුව මෙහි ඵෙතිහාසික වැදගත්කමක් තිබෙනවා.

මෙහි වැදගත්ම දෙය තවමත් කියන්නට තිබෙනවා. එනම් මෙහි ඇති සෙල් ලිපියකද ඇති පරිදි අප බුදුරදුන් වැඩම කල නාග දීපය මේ ස්ථානය බවයි. මෙය තහවුරු කෙරෙන සාධක නම් එතරම් හිඟ නෑ. සැබැවින් ම මේ ස්ථානයේ ඇති ශාන්තිය හා සිත් නිවෙන ස්වභාවය ගැන ගත හොත් එහි යම් දෙයක් පවතින හෙයක් සිත් හි ඇති වනවා.


නමුත් මේ අසිරිමත් ස්ථානය මේ වන විට ඉතා දුෂ්කර ව අභාවයට යම්න් තිබෙනවා. එහි වැඩ වසන ස්වාමීන් වහන්සේට නිසි ලෙස දන් ලැබෙනවා දැයි යන්න පවා සැකයක්. උන් වහන්සේ විහාරය සැඟවී යා නොදී තිර අදිටනින් හි වැඩ සිටිනවා. මේ අවට වසන දුප්පත් මිනිසුන් තම එදා වේළ සරි කර ගැන්මේ සටනේ නිරත වෙනවා. යන්තම් ගොඩ වගාවෙන් ඉරිඟු පළදාව ලබා ගත් විට ඔවුනට සුසුමක් හෙලන්න මොහොතක් ලැබෙනවා. මේ නිසා විහාරය අභාවයට යන එකට ඔවුනට කල හැක්කක් නැති තරම් කියලයි මට හිතෙන්නේ.

ඉතින් දිනකට මහියංගනයට පිවිසෙන බැතිමතුන්ගෙන් කොතෙක් පිරිසක් මෙවන් වටිනා පුද බිමක් ගැන දැන සිටීද? සපථ කිරීමට සාධක කොතෙත් ඇති බුදු පහසින් පවිත්‍ර වූ මේ පින් බිම දැක බලා ගන්නටත් ඉතා ආනුභාව සම්පන්න චෛත්‍ය රාජයාණන් වන්දනා කිරීමටත් අපේ සැඳැහැති පින්වත් දන දැනුවත් කරන්නයි ඔබෙන් ඉල්ලන්නේ. වෙසෙසින් ම තමන් ගේ සුඛ විහරණය පසෙක තබා අනාගත පරපුර වෙනුවෙන් මෙහි වැඩ වසන හිමියන් වෙනුවෙන් සහ මේ පින්වත් බිම වෙනුවෙන් කල හැකි යමක් වේ නම් ඒ සඳහා දායකවන්නටයි මේ දැනුවත් කිරීම.

"මහත්තයෝ බුදුන් වැඩි මූලාශ්‍ර සහිත ඉතිහාසයක් ඇති මේ තැනට නිසි පුද ලබලා දෙන්නයි මට ඕන. කොහොම වුනත් මේ තැන අපි අපට හැකි පමණ බලා කියාගෙන ඉන්නයි එකම බලාපොරොත්තුව. "

එහෙම තමයි ඒ හිමියන් මම ආපහු එන මොහොතේ පැවසූයේ.


මේ පිළිබද වාද විවාද හිත තුල ඇති කර ගැනුම හෝ පිලිගැනුම ඔබට භාර කරමි
. නැවත මහියංගනයට යන දිනක නොවරදවාම වරක් මේ විහාරයට ගොස් එන මෙන් කාරුණිකව ඉල්ලමි.


ඉපැරණි චෛත්‍යයන්



පැරණි බෝධිය















යටගිය නටබුන් සමහරක්

පිය ගැට පෙළ

ගල් කණු

9 comments:

  1. මෙතනින් නවතින්න එපා. අදාල පාර්ශව දැණුවත් කිරීමට උත්සහ කරන්න. තවත් මෙවැනි ස්ථාන ගැන සොයා පළකිරීමෙන් ලක්වැසියන්ගේ දැනගැනීම පිනිස ඔබ කරන මෙහෙය ගොඩක් වටිනවා.

    ReplyDelete
  2. සෝමසිරිJuly 11, 2011 at 11:22 PM

    උරණිය හන්දියෙ ඉඳල වැව් කණ්ඩිය දිගේ යන පාරෙත් නියම පාරෙත් වාහනයක් (කාර් එකක්) යන්න පුලුවන්ද? කි.මීටර් කීයක් දුර තියෙනවද හන්දියෙ ඉඳල?

    දැනුවත් කලොත් හොඳයි නේද?

    ReplyDelete
  3. නැවුම් තොරතුරක්! අපි කට්ටිය දැනුවත් කරමු!

    ReplyDelete
  4. ‍‍ඉ‍තාම‍ත් ‍‍වටිනා තොරතුරක් !!!!!!! ‍‍‍බෝහෝමත් තුති !!!!!

    ReplyDelete
  5. මෙ මෙහවරට අපි සියල්ලෝම සහය වෙමු.

    ReplyDelete
  6. හන්දියේ ඉඳන් කි මි 3ක් පමණ ඇති. මේ වැව් බැම්ම හරහා යන මග ටිකක් වළ ගොඩැලි සහිතයි. නමුත් කාර් රථයක් වුවත් ඉතා ප්‍රවේශමෙන් සෙමින් ධාවනය කල හැකියි.

    ස්තූතියි ඔබ හැමගේ ප්‍රතිචාරයට

    මෙය තවත් දෙනා අතර දැනුවත් කරන්න

    ReplyDelete
  7. Bohoma aganei sahodaraya bohoma vatina vadak karala thiyenne.attatama sathutui mehema deyak danaganna labima gana.vachana valin kiya nohaki t aram agana vadak.BUdu saranai.

    ReplyDelete
  8. Good job machan, Next time definitely
    i will visit , Thanks & wish you

    ReplyDelete
  9. brilliant effort machan..keep it up..we like to see more...
    @roshan: ow ow uba apitath horen thaniyama yana bawa dannawa...:D..:D

    (Buriji)

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!