Wednesday, March 2, 2011

සරුංගලේ වරල් සැලේ

සරුංගලේ වරල් සැලේ

නිසංසලේ ගුවන් තලේ

අපෙන් මිදී වෙන රටකද යන්න හදන්නේ

උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ


සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි

සරුංගලේ ලාටු උලා රැළි කෙරුවේ අපේ ළමයි

සරුංගලේ කොල අලවා හැඩ කෙරුවේ අපේ ළමයි

සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි


සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි

සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි

සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි

සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි


මට මේ ගීතය ඇහෙන හැම මොහොතකම හිතට විස්තර කල නොහැකි දුකක් දැනෙනවා! බොහෝ වෙලාවට ජීවිත ගමනේ ආ මග තුල යමක් අපට දායාද කර දුන් බොහෝ දෙනා සිහිපත් කරන්නක්. හැබෑවටම බට පතුරක් අහසට නංවා නිදහසේ පා කර අරින්නට වන වෙර විරිය කොයි තරම් වේද ඒ තරමට ම සරුංගලය ...අහසේ පියාසරන විට එය තැනුවන් තුල ඇති වන පහන් සංවේගය කවියා මෙතනදී නොකීවත් සිහිපත් වන්නක්. සදහටම රට හැර යාම කොතරම් සංවේගයක් ඇති කරන්නේ දැයි මෙය බලන විට දැනෙන්නක්.

මේ හැම දෙයක් ම අමතක කලත් මට නම් මේ හැමටම වඩා සිහි වන්නේ පුංච් මා නිදහසේ සරුංගලයක් තනා අපහසුවෙන් ගුවන් ගත කර නූල ගිලිහී සරුංගලය ඈතට පාවී ගිය සොඳුරු අතීතයක්. හිතට කිව නොහැකි දුක නම් ඒ අපූරු සරල සුන්දරත්වය නැවත විඳිය නොහැකි බැව් සිහිවීමමැයි!!!


මේ අපූරු ගීතය අහන්න මෙතනින්

http://www.youtube.com/watch?v=2T1u6jUnyZQ


1 comment:

  1. අදමයි මේ පැත්තේ ගොඩ උනේ!අපේ එකෙක්ගේ ලස්සන අකුරු ටිකක් දකිද්දී හරියට ආසා හිතුනා ඔන්න....
    ඇත්තටම අයියේ ඒ ලස්සන ළමා කාලේ ආයේ එන්නෙම නැති වෙයිද?

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!