කුඩා කල මා බොහොමයක් විට මං ලොකු වුණාම කවුරුන් වේදැයි මව්පියන් ගෙන් අසා ඇත්තෙමි. ඒ විට මට හැම විටකම ලැබුණු උත්තරය ඒ තරම් පොඩි එකෙකුගේ හිත් ඇද ගන්නා උත්තරයක් නොවුනු බැව් මගේ හැඟුමයි.
කියවන ඔබ පිලි ගත්තත් නොගත්තත් උත්තරය වුනේ අන් අයට කරදරයක් නොවන තමන්ටත් අන් අයටත් යහපතක් ම වන කෙනෙක් වනු බවයි. ඒ ගැන උත්තර කියන්න තාමත් බොහොම කල් වැඩි බැව් මගේ අදහසයි. මෙතන මට කියන්න අවැසි වුනේ මේ වදන් පෙළ ජීවිතයට කොයි තරම් සැනසීමක් ගෙන ආ දැයි කියායි.
ඒ කතාව මට මතකයට ආවේ පහු ගිය දවසක මිතුරකුගේ නිවසක දුටු සිදුවීමක් නිසයි. පොඩි උන් දෙන්නෙකුගේ අනාගතය දෙමව්පියන් විසින් තීරණය කිරීම කොයි තරම් සාධාරණ දැයි කියන දේ කෙසේ වෙතත් අවුරුදු දෙක හමාරේ පුංචි උන්ටත් නිදහසේ ඉන්න නොහැරීම ගැන නම් මට ඇත්තේ අකමැත්තක්. තාක්ෂණය තව දුරටත් මහා විසාල බාධාවක් නොවන නගර අතරමැදි නගරවල දිවි ගෙවන පුංචි වුන්ට තමන්ගේ මව්පියන්ගේ කාර්යබහුල දින දසුනේ හිමි වන තැන සීමා වීමේ ප්‍රතිඵල ගැන තවමත් කියන්නට කල් මදි කියලයි හිතෙන්නේ.
ඉතින් මේ ගෙදර පුංචි උන් දෙන්නා රණ්ඩු වුණා ලොකු වුණාම කවුරු වෙනවද කියන එක ගැන. දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් පුංචි උන් දෙන්නා උසි ගන්වුවා අරයට වඩා මම ඉහලට යන්න ඕන කියන දේ කියලා. මේක සම්‍යක් ප්‍රයෝගයක් විදිහටත් අපිට ගන්නට හැකියි.
නමුත් පහුගිය සතියේ මේ දරුවන් දෙන්නා හම්බ වුන වෙලාවේ මට කියුවේ අනිත් අයගේ වැරදි රැසක්. තමන්ගේ පංතියේ යාළුවන් ගේ ඉඳන් අම්මා තාත්තා වෙනකම් ම වැරදි ගොඩාක් මාත් එක්ක කියවන් ගියා. යම් අයෙක් බොහෝ විට අන් අයගේ වැරදිම අපත් එක්ක කතා කරන්නේ තමන්ගේ යම් දෙයක් උළුප්පන්න කියන දේ මම විශ්වාස කරන දෙයක්.
ඉතින් නොදැනීම අපට මේ සමාජයේ බොහොමයක් තැන හමුවන මෙවන් අහිංසක මිනිසුන්ගේ හිත් මට්ටමටම මේ දරුවනුත් ඇද දැමීමේ වගකීම දෙමාපියන් ගත යුතුයි කියායි මට හිතුනේ.
ඒ හැම දේටමත් වඩා ඉදිරි කාලය තුල ලෝකය තුල අන් අය දෙස තරඟකාරිත්වයෙන් නොබලන්නට දරුවන්ට කියා දීම වැදගත් කියායි මම හිතන්නේ. ඒ තුලින් දරුවාගේ හිත් තුල ඇති කරන සැනසීමෙන් දරුවා තම ගමන් මග තනා ගනීවි. උගෙනීවි ලෝකය දෙස ධනාත්මක ව බලන්නට.
බොහොමයකට බොහෝ අදහස් ඇති! මේ මගේ අදහසයි......................
තරඝ මානසිකත්වය හරිම මායාකාරී දෙයක් ඒක නැති කරන්ට අමාරුයි නොවැ..වර්ඩ් වේරිෆිකේෂන් තිබීම කමෙන්ට් කිරීමට අපාසුවකි..
ReplyDeleteහොදට ඉගෙනගෙන උපාධි පිට උපාධි ගහල හොද වැදගත් රස්සාවකට ගියාම කාටවත් උදව් නොකරන අනිත් එවුන්වත් කපාගෙයන්න දගලන්නෙ ඔයවගේ අය තමයි.
ReplyDeleteමොඩරේට් නොකර බැරිද?
ada samajaye adyapana kramaya hadila thiyenne lokeyen hakitharam labagena thama raja vennata misa lokayata yamak dayada karannata lokaya godanagannata nove.Api patan ganna thanama varaddavagena atha,kirisappayage sita mahalla dakkva ada thuraga tharaga pitiyaka duvana ashvayo vaniya,hasuruvanne ekeki,laba labanne thavath ekeki,ese namuth hathi damagena duvanno avasanaye patan gath thanamaya.ada lokaye apa bukthi vidina sema deyakma apita labune ape athitha paran paravenya,purasaran dodamin navina upanga pavichi karana apa lokaya surakamin halme duvanne $ euro pasupasaya.vadak nathi lokkekuta vada vadak kala haki schokkek vima vatinne yai sithami.Loven obata nova Oben lokayata yamak dennata anagatha paranparava hadagassa vanne nam lokaya meita vada soduru thanak bavata path vanu atha...................
ReplyDeleteසබසකි මිතුරනි, ඔබේ අදහස් වලට තුති
ReplyDeleteඅමිල සහෝදරයා
කොහේ හිටියත් උඹගේ හොඳ අදහස් තාමත් පිබිදීම අගෙයි
වෙරිෆිකේෂන් ඉවත් කලා