ගමනාන්තයක් නොදැන හැම දෙනා එදිනෙදා දුවන ගමනේ ඉසිඹුලන මොහොතක අප වටපිටාව ගැන මට දැනෙන දෑ ගැන මගේ සටහන්
Saturday, August 17, 2013
උඩඟු ලියන් ගොතා බඳින
නිදහසේ සිතන්නට නිදහසේ අදහස් පවසන්නට හැකි
බලැති මිනිසුන් අබියස කවටයන් සේ නොහැසිරෙන්නට
තම පැවැත්ම උදෙසා නිවටයින් නොවන්නට තරම්
තම කශේරුවේ පණ ඇති මිනිසුන් වෙනුවෙන්
නොමිනිසුන්ගේ අඳුරින් වැසුනු යුගයක ගැයූ අභීත ගීයකි මේ.
කාලය ගෙවී ගියත් ජීවිතයේ එදිනෙදා හමුවන නොයෙක් මිනිසුන් අතරද මෙවන් කවටයන් හා නිවටයන් අපමණ ඇති බැව් මට හැඟෙයි!
සංයමයෙන් ලියැවුණු සුනිල් ආරියරත්නයන්ගේ අපූර්ව පද පෙළ අැතුලතින් කියැවුණූ උපහාසය තුලින් දේශිභිමානය මේ යැයි පසක් කරයි.
අමරදේවයන්ගේ සංගීත මුසුව ගීත දේහයේ පෞරුෂය වඩන විට නන්දාමාලිනිය ඒ දේහයට ප්‍රාණ වායුව පිඹින්නීය.
උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ
හිස් මිනිසුන්-කුස් පුරවන-සිත් පිනවන-බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හලන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවකුගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දූවිලෙන්
තැලී වෙළී සැනහී මිය යන්නෙම්
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
එමගට මා විසි කරන්න
ගීතය අසන්න මෙතැනින් https://www.youtube.com/watch?v=cIj6ljE6My8
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!
Leave Your Comments!