එය තවත් එක් උදෑසනක්! හරියටම උදේ දහය පසු වන්නට ඇති. බොහෝ දෙනා තමන්ගේ එදිනෙදා කටයුතු කඩිමුඩියේ ඉටුකර ගන්නා මේ වෙලාව රාජකාරියට පැමිණි කිසිවකුට නැවතිය හැකි වේලාවක් නොවන බැව් මහ මග වේගයෙන් ගමන් කළ මොටෝරථ පසක් කලා. කුරුල්ලන් වටපිට බලමින් පියාඹා ගියේ සුදු හැඳි විසල් පිරිසක් යම් තැනක් වෙත ගාටනු බලමින් විය යුතුයි. සිනහවක් නොමැති ව එක එල්ලයක ගමන් කරන මුහුණු පෙළ දුටු අයෙකුට මේ හැම දෙනාටම සිදුව ඇත්තේ කුමක් දැයි සිතෙන්නට ඇති. හැබැවින්ම ඒ තරමටම මුහුණු පෙළෙහි ඇති හැම මුහුණකම පිටුපස හිඳි හිත් එකම හැඟුමකින් පෙළෙන්නට තරම් බලපෑ කරුණ කුමක්දැයි අයෙකුට කියා දීම පහසු නොවෙයි.
ඒ අපේ හිතවත් සහෘදයකුගේ සදාකාලික නික්ම යාම සනිටුහන් වූ මොහොතක්.
හැබැයි, ඔහු සැබැවින්ම මට වඩා වසර ගණනාවකට වඩා වැඩි මහළු සගයෙක්. මගේ පියාටත් වඩා වැඩිමහළු ඔහුත් මාත් අතර පරපුර ගණනක් පරතරයක් තිබුණු බැව් තවමත් නොදැනෙන්නක්. ඒ ඔහු කලාතුරකින් ඇසුරු කරන්නට ලැෙබන විරල මිනිසෙක් නිසාවෙන්.
රැඩ්ලි මට පලමුව හමු වන්නේ මීට සය වසරකට කලින්. ඔහු අපේ ආයතනයේ පරිපාලන ප්‍රධානියා. ඔහු දරදඬු අයෙකුයැයි මම මුලින් හිතා හිටියත් වසරක් දෙකක් තුල ඔහු තුල ඉන්නා සැබෑ මිනිසා හැඳින ගන්නට ලැබුණු බවයි මගේ අදහස. එතැන් පටන් මේ වසර පටන්ගන්න තුරාවට අප එකට දවල්ට කෑම ගන්නට හැම දාකම එකතු වන්නට ලැබුණා. රැඩ්ලිගේ යුග ගණනක අදහස් මේ කාලයේ අපි සමග බෙදාගන්නට ඔහු හැම දාම ආසා කලා. ඔහුගේ විශේෂ ලකුණ නම් තමන්ට වඩා පරපුර ගණකට පසු බිහි වූ අපි එක්කත් අපේ අදහස් එක්කත් එකතු වෙන්නට තිබුණු හැකියාව. මුලින් දරදඬු යැයි සිතන ඕනෑම අයෙක් රැඩ්ලි එක්ක මිතුරු වන්නේ ඒ නිසයි.
ඇත්තටම ඔහු නොවන්නට මගේ ජීවිත ගමන වෙනස්ම මගක් ගන්නට තිබුණා. දෙවරක් ම අස්වීමේ ලිවුම රැඩ්ලිගේ අතරම දුන්නු මම වෙනත රස්සාවකට යන බව ඔහුට කියුවේ මම ආයතනයට ඇවිත් මසක් ඇතුලතදියි. මඳ සිනහවක් නැගූ ඔහු "හොඳට හිතල බලන්න" කියුවා හැරුණු විට වෙන දෙයක් කීවේ නෑ. දවස් දෙකකින් ඒ ලියුම් දෙකම අතට දී "හොඳ තීරණයක් ගත්තේ" කියා කියුවේ සැබෑම අව්‍යාජ අවංක අදහසකින් බව මට තේරෙන්ෙන් කාලයක් ගතවූ පසුවයි.
මිනිසුන් ජීවිතයේ හමු වෙන්නේ හේතුවකට, කාලයකට හෝ ජීවිත කාලයට කියා තිබෙන්නක්. සැබැවින්ම රැඩ්ලි ජීවිත ගමනේ හේතුවකට එක් කාලයක හමු වූ අපූරුම ගමන් සගයෙක්! වැඩිහිටියෙක් ප්‍රධානියෙක් විදිහට ඔහු විවිධ භූමිකාවන් හි කටයුතු කලත් මම ඔහුට සගයෙක් කියන්නට කැමති වෙන්ෙන් ඇත්තටම ඔහු සගයෙක් වුණ නිසයි. බලාපොරොත්තු විය නොහැකි තරම් අව්‍යාජ ඔහුගෙන් උගත් දේ ඔහු නිසා ලැබූ සතුට ඔහු හා ගත කල කාලය හැබෑවටම අපූරුයි.
අද උදෑසන... කාලය වේගයෙන් ගමන් කරන්නට වූ ඒ මොහොතේ ඔහුගේ පණසුන් සිරුර පොළව තුල තැම්පත් වුණා. එතැන හිටි හැම මුහුණකින් ම දකින්නට ලැබුණු හිත් වේදනාවේ ලකුණු වලින් හැම හිතකම ඔහුගේ මතකයන් කොතෙක් මුල් බැස තිබේදැයි කියා පෑවා. එතැන සිටි බොහෝදෙනකුගේ දෙනෙතින් වට කඳුළු බිඳිති වලින් තෙත් වූ පස් වලින් ඔහු කෙමෙන් කෙමෙන් වැසී ගියා. හිත් තුල දුකත් පාළුවත් තවරාගත් මිනිසුන් පිරිස දෙස අවට ගහ කොළ නිහඬව බලා හිටියා.
හිතවත් රැඩ්ලි
හෙට උදෑසන ඉඳන් කතා කරන්නට හිනා වෙන්නට වාද කරන්නට ඔබ අප ළඟ නැතත් ඔබ ලබා දුන්නු මතකය අමතක නොවන වටිනා එකක් බව සහතිකයි.
ගමනාන්තයක් නොදැන හැම දෙනා එදිනෙදා දුවන ගමනේ ඉසිඹුලන මොහොතක අප වටපිටාව ගැන මට දැනෙන දෑ ගැන මගේ සටහන්
Wednesday, March 20, 2013
Thursday, February 21, 2013
පුරෝහිත පින්නට තෙමුණත් මොකද?
දවසක් එක රජ කෙනෙක් තමන්ගේ රට තව විශාල කරගන්න හිතාෙගන අල්ලපු රට අල්ලන්න ඕන කියලා හිතුවා.ඒ තීරණය ගත්තු රජතුමා මහ විසාල සේනාවක් ලෑස්ති කලා. රටේ හැම ගෙදරකින්ම අයෙක් ඊට සම්බන්ධ වුණා.
රටම යුද්ධයට ලක ලැහැස්ති වෙනවා. ඒ යුද්ධය ගැනත් ඉන් ලැබෙන ප්‍රතිලාභ ගැනත් රට පුරාම ප්‍රචාරය. මේ අතර යුද්ධ කරන්න දවසින් දවස ළං වෙනවා. මේ අතර දවසක් උදේ රජතුමා තමන්ගෙ කාමරයෙන් එළිය බලනවා. දකින්නේ කුතුහලය මතුවෙන දෙයක්.
තමන්ගේ අග්‍ර පුරෝහිත තැන උදේ පින්නේ තෙමීගෙන සොටු හූරමින් උයනේ ගහක අත්තක් දිහා බලන් ඉන්නවා.
ඔහොම දවස් දෙකක් තුනක් ම උදේ පාන්දර මේ සිද්ධිය දකින රජතුමා එක දවසක පුරෝහිත ළඟට ගිහින් අහනවා...
"පුරෝහිත තමුන් මොනවද හැමදාම මේ උදේ පාන්දර ගහක අත්තක් දිහා බලන් ඉන්නේ?" කියලා
පුරෝහිත මෙන්න මෙහෙම උත්තර දෙනවා.
"රජතුමනි අර පේන ගහේ අත්තේ පුංචි කුරුළු පැටවු ටිකක් ඉන්නවා. කුරුළු අම්මා ඒ අත්තේ ඉන්න සත්තු අල්ලගන්නේ නැතිව එහා ගහේ සත්තු අල්ලන්න යනවා. හැබැයි ඌ දන්නෙ නෑ ඌ එහෙ මෙහෙ වෙනකන් ඉඳලා කුරුළු පැටවු කන්න සර්පයෙක් ගහේ කඳ දිගේ බඩගාන බව. හැබයි ගහේ කඳ දිගේ බඩගාන සර්පයා දන්නෙත් නෑ ඌ අත්ත උඩට එනකන් උකුස්සෙක් එහා ගහේ බලං ඉන්න බව ඔන්න ඔය සිද්ධිය තමයි මම බලන් උන්ෙන්"
මේක අහපු රජතුමා වහාම තමන්ගේ තීරණය අහෝසි කරනවා. අනිත් රට අල්ලගන්නවා වෙනුවට තමන්ගේ රට දියුණු කරන්න පටන් ගන්නවා.
දැන් කාට හෝ හිතෙන්න පුළුවන් මේ කතාව ලියන්නෙ අැයි කියලා? පහුගිය මාසය දෙක පුරාවටම මුහුණු පොතෙත් වට පිටාවෙත් අාගම් ගැන කතා වෙන සම්ප්‍රප්පලාප වලින් හෙම්බත් වෙලා යමක් තේරෙනවානම් තේරුම් ගන්න කැමති අවැසි හිස් ගෙඩිය හිස් නොවූ මොළයක් ඇති මිතුරු මිතුරියන් වෙනුවෙන් මේ කතාව ලියන්න හිතුවා. කැමතිනම් බෙදා ගන්න රිසි අයෙක් සමග.
ප.ලි. මේ කතාව මගේ නිර්මාණයක් නොවෙයි. මේක පරණ චීන උපමා කතාවක්. මම පොඩ්ඩක් හරිගස්සගත්තා අපේ අද දවසේ සිදුවීම් වලට.
හැබෑවටම නුවණැති පුරෝහිතයන් ඉන්නතාක් රජවරුත් රටත් රැකෙන බව නම් මේ කතාවෙන් මොනවට පෙනෙනවා. ........!

Friday, January 18, 2013
හිතවත අපට සමාවෙයන්!
සතියේ රාජකාරි දිනක් නිසාවෙන් පාරේ වාහන එකිනෙකා පරයමින් දුවන්නට වෙරදරන හැන්දෑවක් බවට එදා පත් ව තිබුණා. අළුත් පාලම ළඟ එක් පෙළට දිවයන නවීන පන්නයේ මෝටර් රථ ජීප් රථ අතර කඩිනමින් මග සොයන මෝටර් බයිසිකලත් මහමග එකම කලබලයක් කරමින් ගමන් කරන මගී බස්රථත් යම් කටයුතු වලට පැමිණි ලොරි රථ වැනි විසල් වාහනත් එක මග ගමන් ගනිමින් තිබුණා. එකම මිනිස් පවුලේ සාමාජිකයින් වුවත් තම තමන්ට හැකි පමණ පහසු ලෙසින් ගමන්පහසුව සකසා ගැනීම ගැන දැකිය හැකි හොඳම උදාහරණයක් ලෙස එය ගත හැකි බැව් මගේ අදහසයි. එසේ වුද සුවපහසු මෝටර් රථයක වුවත් සෙනග පිරී තෙරපීයන බස් රථයක වුවත් ගමන් කරන්නේ එකම මිනිස් පවුලක සාමාජිකයින් නොවේදැයි අයෙකුට හිතෙන තරමට පරතරයක් සමාජය විසින් ඇති කර තිබෙන බව පෙනුනේ බස්රථයන්ට ගොඩ වීමට වෙරදරන මිනිසුන් තනි මිනිසකු ගමන් කරන මෝටර් රථ දෙස බලාපොරොත්තු සහගත බැල්මෙන් බලනු දැකුමෙන්. සැබැවින්ම මිනිසුන් තම දහඩිය මහන්සියෙන් ලබා ගන්නා දේ ගැන තෘප්තිමත් වීම සහ ලබා ගතයුතු දේ ගැන ඇති බලාෙපාරොත්තු හැම දෙනාවම මේ එදිනෙදා ජීවත් වීමේ අරගලය වෙත ගෙන යනවා ඇති. ඒ ගැන කතා කරන්න අද වේලාව නොවන හින්දා මම සිදුවීම ගැන ලියන්න හිතනවා.
මගේ රථයත් මේ ගමන් රථ පෙළ අතර හිරවෙලා සෙමින් ගමන් කරන ඉබ්බෙකු වගේ ඉදිරියට ඇදුණා. මේ අතරේ පාරේ එක් කොනක හිටි අයෙක් දෙස මා බැලුවේ එතරම් ඕනෑකමකින් නොවෙයි. ඒ නමුත් ඉරි සරමකින් සහ සුදු ෂර්ටයකින් සැරහී එක් අතක ෂොපින් බෑගයක් සහ අනික් අතේ කුඩා දැරියක් එල්ලාගෙන සිටි ඔහු තම දියණිය සමග පාර පනින්නට දරණ උත්සාහය නිසා මම ඒ දෙස බලා සිටින්නට ඇති. කහ ඉරක් නුදුරු මානයක නොවූවත් කුඩා දරුවාත් සමග මේ නොනවතින රථ පෙළ හරහා යන්නට ඔහුගේ ඇති බලාපොරොත්තුව අත් නොහලේ කඩිනමින් නිවසට යන උවමනාවෙන් වෙන්නට ඇති. විටින් විට මගට බසිමින් දරුවා අල්ලාගත් දෑත දැඩි කරගනිමින් පාර පනින්නට මේ දෙදෙනා උත්සහ කලා. එක් වාහනයක් ඒ දෙදෙනාට ඉඩ දෙමින් නැවතුවේ මේ අරගලය දැකලා විය යුතුයි. ඉක්මනින් කාලය ගතවන රාත්‍රියේ තමන්ට වගේම පාරේ යන හැම දෙනාටම ගෙදර යන්නට ඇති උවමනාව ගැන සංවේදී විය හැකි මිනිසකු ඒ වාහනය පදවන්නට ඇති.
ඔහු දෙස අහිංසක ස්තූතිකරන බැල්මක් හෙලමින් පියා කුඩා දැරියත් අතින් ගෙන ඉක්මනින් පාර හරහා දුවන්නට වූයේ හැම රියදුරකුටම එසේ සංවේදීවිය නොහැකි බැව් දත් නිසා වෙන්නට ඇති. ඔව්න් පාරේ මැදට එනවාත් සමග වුෙණ් ජීවිතයේ සැබෑ ස්වභාවය ගැන පහදන සිදුවීමක්. ඔහුගේ අත තිබුණු ෂොපින් බෑගය කඩා වැටී තිබුණේ පාර පුරාවට යම් ඇට වර්ගයක් විසිරුවමින්. වහාම තම දරුවාව පාර මැද කොංක්‍රීට් තීරුව මත තැබූ පියා පාර මැදට විත්ඒ ඇට එකතු කරන්නට වුණේ තමන්ගේ හිස මතින් වාහන ගියත් කම් නැතැයි කියා විය යුතුයි. ඇත්තටම මුංඇටහෝ කව්පි වැනි ඇටවර්ගයකින් කිලෝ එකක ප්‍රමාණයක් පාර පුරා එකතු කරන්නට උත්සහ කරන්නටඒ තරම් පහසු නෑ. පසු පසින් නොනවත්වා වාහන නලා ශබ්ද වෙන්නට පටන් ගත්තත් ඉදිරි පෙළ වාහන සියල්ලම නවතා තිබුණේ ඔහුට ඇති තරම් කාලය ගෙන ඒ කටයුත්ත කරන්නට ඉඩ දෙමින්. විටින් විට ඇඬුම්බර මුහුනින් සිටි තම දියණිය සනසන බැලුම් හෙලමින් ඔහු ඒ අැට වර්ගය බෑගයට එකතු කරමින් සිටියා. මේ මොහොතේ ඔහුට උදවුවට පැමිණි පාර අසල සිටි තවත් අයෙක් පාරේ දූවිලි සමග දෝතින් එකතු කරගත් ඇට මල්ලට දැම්මා. මේ කටයුත්ත විනාඩි දෙකක් තුනක් පමණ සිදු වෙන්නට ඇති.
අවසානයේ ඔහු තමන් වෙනුවෙන් නවතා සිටි වාහන දෙස අතිශය ගෞරවයකින් බැලුවා. එහි තිබූ කෘතඥබව කියන පණිවිඩය අහිංසකව ඉදිරියට මතුව පෙණුනා. ඉන් පසු හේ වහාම එකතු කරගත් ෂොපින් බෑගය ගෙන තම දරුවා වෙත ඉක්මනින් ගමන් කලා.
රාත්‍රියේ නිවසට යන රියදුරන්ටත් බස් රියදුරන්ටත් විනාඩියක් යනු කොයි තරම් පමාවක් දැයි කිවයුතු නොවෙයි.මේ මොහොතේ ඉදිරි පෙළ රථයන් හි උන් රියදුරන්ගේ ඉවසීමට හේතුව මේ දසුනේ ඇති සංවේදී බවයැයි මට හිතුණා.
සියයක වැනි මුදලකට ගත හැකි මේ ධාන්‍ය කිලෝව ගැන මේ තරම් කරදර වන්නට ඔහුව පෙළඹූ හේතූන් කුමක් විය හැකිද? නිසැකවම ආයෙත් වියදම් කරන්නට ඇති නොහැකියාවයි. ඒ නිසා තමන්ගේ දරුවාත් අතක අල්ලාගෙන පාර මැදක මෙවැන්නක් සිදු කරන්නට ඔහුට සිදු වෙයි. ඒ දැක සංවේදීව තම වාහන එතැන නවතා සිටින්නට තරම් ඉවසීමක් තිබූ අතලොස්සක් පමණවත් මිනිසුන් පෙළක් සිටි නිසා ඔහුට තරමක් හෝ අස්වැසිල්ලක් ලැබෙන්නට ඇති.
ඇත්තටම මෙයට සංවේදීවිය යුත්තේ ඇයි? මේ කතාව මගේ මිතුරන් පිරිසක් හා කියූවිට කිහිප දෙනෙක් කියූ කතා දැක ඉහත කොටසත් ලිවිය යුතු යැයි හිතුණා. අයෙකුගේ පිලිතුර වූයේ අප පමණට වඩා මේ අන් මිනිසුන්ගේ දේ ගැන හිතන බවයි. තවත් අයෙකු එසේ සිතීම සහ නවතතබාගෙන උන් රියදුරන්ගේ ඇති මෝඩ කම ගැන පවසා සිටියා. තවත් අයෙක් කියා සිටියේ වාහන රැසක් කඩිනමින් යන මේවැනි තැනක පාර පැනීම නිසා මොහුට වෙච්ච දේ හොඳවැඩේ යැයි කියායි. කිහිපදෙනකු පමණක් ඒ රියදුරන්ගේ ඉවසීම අගය කලා.
වසර දහස්ගණනක සිට අාගමින් දහමින් පෝෂණය වී යැයි කියන උදෑසට සිට රාත්‍රිය තෙක් බණ කියන රටක එයටත් වඩා මහත් ඕනෑකමින් රටේ තොටේ බොහෝ කටයුතු දෑ ගැන සංවේදී වන අපි ගැන වැඩි දුරටත් සිතිය යුතු බැව් එ් අදහස් අසන මට හිතුණා. තමන්ගේ මඩිය තදවී තිබේ නම් අන් අයගේ කටයුතු ගැන සිතීම අවශ්‍යදැයි හිතන තරමටම සමාජය විසින් අපට වෙස්මුහුණු පැළඳ තිබේද? ඔබ මෝටර් රථයක නොව බසයක නැෙතාත් ඒ මොහොතේ පාර අයිනේ හිටියානම් හිතන දෙය සහ කරන දෙය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණාද? තමන්ගේ මෝටර් රථයන් හි ගමන් කරන මිනිසුන් සහ අන් මිනිසුන් අතරත්, මෙවන් සිදුවීමකදී අතහැර දමා අළුතින් ධාන්‍ය ගන්නට මුදල් ඇති මිනිසුන් හා නැති මිනිසුන් අතරත් ලෙසින් අප අතර වෙනස් කමක් තිබෙයිද? මට දැෙනන ලෙස කටුක සත්‍යය එය එසේ බවයි. අවාසනාවනම් බොහෝ දෙනාට අන් අය ගැන සංවේදී වීමට ඇති හැකියාව මේ ධනය බලය සහ තමන්ගේ මට්ටම සමග ගැටුමක් ඇති කර හීනවී යාමයි. ඉතින් සමාජය ලෙසින් ගත් කල මිනිසුන් පදිකයන් වීම රියදුරන් වීමට වඩා හොඳයැයි අයෙකුට සිතිය හැකියි. මේ එක් උදාහරණයක් පමණක් වුවත් සමාජයේ සියලු තැන්හිදී මෙය සිදු වන බැව් දැකිය හැකියි. ඉතින් මෙවන් තත්වයක හිඳ හැම දෙනාගැන සංවේදී වන විනයැති සමාජයක් ගැන කතා කිරීම කොයි තරම් අපහසු දැයි කිව යුතු නොෙහ්.
අප දියුණු සංස්කෘතියකින් පෝෂණය ලබන විට ම්ලේඡයින් මෙන් සිටි සමහර ජාතීන් අද අප පසු කර ඉදිරියට යෑමත් ඔව්නගේ විනය හර පද්ධති ගැන අපට කතා කරන්නට සිදුවීමත් පුදුම සහගත කරුණක් බැව් තවත් මිතුරකු මා සමග කියා සිටියා. ඇත්තටම අපූරු ගැටළුවක් අපට කොහේ හෝ වැරදී ඇතිදැයි ඔහු නැවත ප්‍රශ්න කලා.
නැවත මුල්කතාවට යමු, මේ සිදුවීම ඇසින් දුටු මා හට ඔහුගේ උදව්වට යාමට නොහැකිවීම ගැන මම කණගාටුවට පත් වුණා. මම රථ පෙළක මෝටර් රථයක රියදුරු අසුනේ නොව මහමග පදිකයකුවී සිටියා නම් දෙවරක් නොසිතාම උදව් කරන්නට තිබූ බැව් මා දන්නා දෙයක්. ඉතින් මා මෙම ලිපිය "හිතවත අපට සමාවෙයන්!" ලෙස නම් කලා. මම මේ ලිපිය ලියන බැව් ඇසූ කිහිප දෙනෙක් අවඥාවින් සිනාසුන අතර තවත් කිහිප ෙදනෙක් ආදරයෙන් මා දෙස බලා සිටියා. මා වෙත පැමිණි එක් අයෙක් අනිවාර්යයෙන් ලියපන් යැයි කොඳුරා ගියා. මනුෂ්‍යත්වයේ කෙඳිරීමක් ඒ හඬ තුලින් ඇසුනායැයි අයෙකුට සිතිය හැකියි!

Tuesday, November 27, 2012
ගිමන් හරින දියඹ දිගේ!
විවිධ කටයුතු වලින් විඩාපත් වූ මම මුහුණු පොතේ මිතුරකු එවා තිබූ දිගුවක් විවෘත කළේ එතරම් අදහසකින් නොවෙයි. ඒ උනත් මේ දිගුවේ ඇත්තේ ගීතයක් බවත් ඒ ගීය අමරදේව ශූරීන්ගේ බවත් දැක්කහම මට එය විවර කරන්නම හිතුණා. කර්කශ සංගීත යවුල් වලින් ඇණ තුවාල කර තිබෙන කණට යම් අස්වැසිල්ලක් ඉන් ලැබේයැයි කියලත් නොහිතුනාම නොවෙයි. නමුත් මේ ගීතය මා කිසිසේත් බලාපොරොත්තු නොවූ තරම් අපූර්ව ගීතයක් බව ගීතයේ මුල් සංගීතය අහන කොටම හිතුණා.
ජීවිතයේ සැඳෑ සමය ගත කරන ඔබගේ ස්වරය කොයි තරම් හිත සුවපත් කරන්නේද යන්න කොහොම පැහැදිලි කරන්නදැයි මට තවමත් නොතේරෙන දෙයක්. මේ පද පෙළත් එයටම සරිලන සියුම් සුගම සංගීතයත් ගීතය තුල අපට ජීවත් වෙන්නට ලෝකයක් මවනවා.
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා
හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු
ආදරයද මේ................
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ....................
නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රජයන
තොල් පෙති කල් පලදාලන
ආදරයද මේ......................
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ..................
නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රජයන
තොල් පෙති කල් පලදාලන
ආදරයද මේ......................
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ..................
ආදරය ! කොයිතරම් අපූරුම සොඳුරු වචනයක්ද කියලා කියන්න අවැසි නෑ. ලෝකයට බිහිවුණ දා ඉඳන් තමන්ගේ අම්මාට තුරුළුව විඳි ආදරයේ ඉඳන් ඇරුණු ලෝකයේ විවිධ චරිත අතර ගෙවුණු ආදරය ගැන කොයි තරම් පද ලියැවී ඇතිද? මිනිසාට කොයි තරම් ආදරය යන වදනත් ඉන් ඇති කරන හැඟුමත් වැදගත් ද යන්න කියන්නට අවැසිද? ඔබ මා අසා ඇති ගී අතුරින් කොතෙක් ගීත ආදරය ගැන ලියැවී ඇති දැයි හිතීමම එයට සාක්‍ෂි ගෙනනවා.
මව්පිය සෙනෙහස ජීවිතය පුරා නොවෙනස්ව ලැබෙන්නක් නිසා දෝ එහි ඇති විවිධ අවස්ථා ගැන ගීත ලියැවුණා අඩුයි. ආදර ගීත බහුතරයක්ම ලියැවී තිබෙන්නේ ආදරවන්තයින් වෙනුවෙන්. නමුත් මෑතකදී මා අැසූ ගීත අතර ආදරය ගැන සියුම් නමුත් සරල පද පෙළකින් ලියැවුණු මේ ගීතය හිත තුල සියුම් හැඟුමන් එක් කරන්නට සමත් වූ අපූරුතම ගීතයක් බැව් කියන්නම අවැසියි.
ආදරය යනු කොයි තරම් මිහිරි අත් දැකුමක්ද
විටෙක සිත දැහැනින් වෙළන
තවත් විටෙක සිතට විඩා ගෙනෙන
අප හා සරන
මේ ලෝකය අප අවට වටපිටාව අපට කියා දෙන
ඒ සොඳුරු ආදරය මේ යැයි කියා මේ සොඳුරු ගීතය අපට කියනවා.
ආදරයේ ගැඹුර එහි ඇති මිහිර කොයිතරම්ද යන්න අසන්නා සහ බලන්නාගේ සිත් නොතැලෙන සියුම් වූත් සරල වූත් සුන්දර වූත් රූප පෙළකින් ගීතය සරසනවා
එකම පද විවිධ ගායකයින් කියන කොට අපි විවිධ කන්ණාඩිවලින් දකින බව නටන කකුල්වලට ගයන නවක ගායක ගායිකාවන් කියනු මම දැක තිබෙනවා. හිතවත් සොයුර සොයුරිය බලනු කොයි තරම හැඟුමක් ගැයුමකින් හඬකින් අසන්නා වෙත පිදිය හැකි ද යන්න. ඒ නිසයි ඔව්න් ශ්‍රේෂ්ඨයින් ලෙස හැමදාමත් හිතේ රැඳෙන්නේ
ගීතයන් තුලින් හිතවත් වූ අමරදේව හිතවතාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!
බලන්න
http://www.youtube.com/watch?feature=player_embedded&v=J467jzLlDcc
Sunday, November 18, 2012
පාසැලේ ඉඳන් ගෙදරට
පාසැල ඇරී තරමක කාලයක් ගත වුණත් මහපාරේ ඇති පාසැලේ සිට අතුරු පාරේ තමන්ගේ ගෙදරට ඇති දුර කිලෝමීටර තුන හතරක් වූ නිසාත් ගල් ගොඩැලි ඇති වැලිපාරේ වාහන නොයන නිසාත් පුංචි වුන් පස් හය දෙනා ගුරුපාර දිගේ ගමන් කරමින් හිටියා. අහසේ වලාකුලක් පෙනෙන තෙක් මානයේ නොතිබුණු නිසාත් මද්දහන් වේලාවත් නිසා ඉර එළිෙයන් ලැබුණු උණුසුම වැඩියි. ඒ වුණත් මග දෙපස තිබුණ ගහ කොළ හිංදා පාෙර් තැනින් තැන කළු සෙවනැලි දකින්නට ලැබුණා.
තරඟයට මෙන් පුංචිඋන් ඒ සෙවනැලි වලට දුවමින් වෙහෙස නිවා ගත්තා. සපත්තු දෙකක් තිබුණේ එක් පොඩි එකෙකට විතරක් හිංදා පුංචි පිටිපතුල් දූවිල්ලෙන් පිරී ගොසින්. වතුර බෝතලයක් කා ගාවවත් නොතිබුණේ වතුර බෝතල් තවමත් මේ පළාතට නුහුරු නිසාවට වඩා වතුර කියන දේ කොතැනින් කොහොම බීවත් එකයි කියා පවුලේ ඇත්තන් සිතූ නිසා විය යුතුයි. කොෙහාමටත් ගමේ වැවෙන් ඇලෙන් වතුරින් පිපාසය නිවන මේ පුංචි උන්ට තමන්ගේ පිරිසිදු වතුර බෝතලයක් කියන දේ ඒ තරමට ඕනෑ දෙයක් නොවෙයි.
පාර පුරාවට දුව පනිමින් හිටි පුංචි උන්ගෙන් පිරිමි දරුවන් දෙදෙනෙක් කෝටු කෑලි දෙකකින් පාරේ ඉරි අඳිමින් ගමන් කලා. තවත් දරුවන් දෙදෙනෙක් වට පිටාවේ ගස් වල කොළ අතු වලින් සෙල්ලම් කරමින් ගමන් කලා. පුංචි දැරිවියන් දෙදෙනා පරිස්සමින් අඩි තියමින් කොලු පැටවුන්ට අවවාද දෙමින් තරවටු කරමින් ගමන් කලා. මේ හය දෙනාම තමන්ගේ ඇඳුම් පරිස්සමින් කිලුටු නොවන ලෙස ගිය බව අයෙකුට දැනෙන්නට තරමක කාලයක් ගත වන්නක්. කොතරම් සෙල්ලමින් ගියත් තමන්ගේ ඇඳුම් කිලුටු වීම ගැන මේ තරම් සැලකිල්ලක් මේ පුංචි උන්ගෙන් දකින්නට ලැබෙන්නේ උනුත් තමන්ගේ මව්පියන්ගේ ජීවන අරගලය ගැන දන්නා නිසාදැයි සිතෙන්නක්. පාර පුරා පැතිර යන පුංචි උන්ගේ කට හඬවල් අවට ගස් පවා අසා සිටියේ සංයමයෙන් සතුටින්. කුරුල්ලන් පවා ඔව්න් දෙස බලා සිටියා. කාලය ගැන කිසිදු හැඟුමකින් තොරව ඔව්න් හිතුන තැන නතරවී කුරුල්ලන් බැලුවා.සෙල්ලම් කලා. පාර දෙපස තිබූ අඹ ගස් වල අමු අඹ ගෙඩි ගෙදරට යන තුරුම පුංචිකුසගිනි නිවන්නට ඇති. මොවුන් මෙන්ම උන් දකින තුරු නිවසේ වැඩ කරන මව්පියන්ෙග් කාලයත් නිදහසේ ගලා යන බැව් මේ හැසිරීමෙන් පෙනුනා.
ඔව්න් දකින මට නගරයේ දරුවන් පාසැල ඇරී ගෙදරයාම සිහිවුණා.
මගේ සමීප මිතුරකුගේ දියණියක් පාසැලින් නිවසට එක්ක යන්න විඳින දුක මට සිහිපත් වුණේ නිතැතින්. තමන්ගේ රාජකාරි ජීවිතයේ ඇති බරපතල කටයුතුත් තම බිරිඳගේ රාජකාරි ස්ථානයෙන් ඇයට පැමිණීමට ඇති ගැටළුත් අතර පාසැල ඇරී මොහොතක් හෝ දරුවා තනිව තැබීමට නොහැකි තරමට ඇති අනාරක්‍ෂිත බවත් නිසා ඒ පවුලම දිනපතාම මුහුණ දුන්නේ කාලය සමග සටනකටයි. අම්මා හෝ තාත්තා පැමිණෙන තෙක් වෑන්රථ හා අනිකුත් වාහන අතර තම පුංචි මිතුරියන් නොපෙනී යන විට ඒ දරුවාගේ පුංචි හිත තුල ඇති වන තනිකම, බය සහ අසරණ බව ගැන මිතුරාත් මා සමඟ කියුවේ එක් දිනක පමණක් නොවෙයි. ඇත්තටම නගරයේ රැකියා කරමින් දරුවනට උගන්වන්නට වෙර වෑයම් කරන බොහොමයකගේ කතාව මීට වඩා වෙනස්වන්නක් නොවෙයි.
තමන්ගේ දරුවන්ට තමන්ටත් වඩා පහසුකම් දී නගරයේ පිලිගත් පාසැලක උගන්වා උස් මහත් කිරීමට දරණ විරිය අතර තුර දී ජීවිතය තුල තමන්ටත් තම දරුවනටත් විඳින්නට හැකි යම් දේ සැඟව යන බැව් මට සිතෙන්නක්. සියළු දේ කෘතිමව මවා ඇති වටපිටාවක වැඩෙන දරුවා නිවසේ සිට පාසැලටත් පාසැලේ සිට නිවසටත් යන සීමාව තුල හිරවීම ඒ දරුවාට කොයි තරම් බලපෑමක් කරන්නේද යන්න දැනෙන්නට දරුවා සමාජගත වන තුරු දෙමව්පියන්ට අවබෝධ කිරීම පහසු නොවන බව දැකිය හැකියි. මීට හේතුව පිටින් නැතත් හිත තුල ඇති තරඟය සහ අවට ඇති තරඟකාරී බව යැයි අයෙකුට සිතිය හැකියි.
අවාසනාවකට මෙන් තමන්ට අද සැකසූ උද්‍යාන තුල පරිසරය දකින දරුවා සැබෑ පරිසරය තුල ජීවත් නොවන නිසාෙවන් අනාගතයේද පරිසරය යනු උද්‍යානයමයැයි සිතනු වැලැක්වීම පහසු නොවේ. ඉතින් මේ රාමුව තුල හිරවී ලෝකය දකින පිරිසට තම දරුවාත් එකතු කරන්නට වෙහෙස වන දෙමාපියන්හට තරඟයෙන් පිට අවබෝධ කරන්නටද වේලාවක් නොමැත්තේ ජීවිතය ගෙනයාමට රැකියාව හා කාලය අතර නිමා නොවන තරඟයක ෙයදී සිටින හෙයිනි.
ඉතින් නැවත මුල් කතාවට යමු.
නගරයේ පොඩි උන් පිහිනුම්,භාෂා ආදී නොයෙක් පංති වල හිරවී ෙදමව්පියන් එනතුරු බලාසිට වාහනයක අසුනක නිදිකිරා වැටෙන විට මාදුටු මේ පුංචි උන් දවසම පරිසරයේ ජීවත් වී උන් එනකම් ගෙදර බලා සිටින තම මව්පියන් වෙත දුවනවා ඇති.
අපට නගරයේ ක්‍රියාකාරකම් මේ තරඟ දිවුම නැවැත්වීමට කිසිදා හැකි වේදැයි සැක සහිත මුත් සොබා පරිසරයේ ජීවත් වන මේ සොඳුරු කුඩා උන්ටත් තරඟ දිවීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බැව් දැනීම ඇති කරන්නේ සියුම් වේදනාවකි.
Saturday, November 17, 2012
වැනසීමෙන් සැනසීම - අපේ ගීතය
සටහන : මුහුණු පොතේ රනිල් මුදුන්කොටුව සොයුරාගේ නන්දා මාලිනී ගීත එකතුවේ සටහන් වූ කරුණක් නිසාවෙන් ලැයැවුණු සටහනක්. පහත දැක්වෙන දිගුව තුල අප දන්නා අපූර්ව ගීයක් සම්පූර්ණ වෙනස්කර අන් අයකු විසින් කල ගැයුමක් එයට හේතු පාඨ වුණා. එය වඩාත් තීව්ර වුණේ මේ ගායනා කරන්නේ කසුන් කල්හාර බැව් කතාවීමයි.
https://www.youtube.com/watch?v=iuTmk_8-m2k
මේ ගැන සෙවීමේදී මා කල සටහන මගේ පිටුව තුල ලිවිය යුතුයැයි සිතුවේ තවත් මිතුරන් රැසක් සමගින් මේ ගැන කතා කරන්නයි. මේ ඒ සටහනයි!
"පලමුවෙන්ම මෙවැනි දෙයක් ගැන සංවේදීවන පිරිසක් අපේ පරපුරේ සිටීම ගැන හිට ඇත්තේ සැබෑම සතුටක්.
ගීතයක අයිතිය හිමි කාටද කියන ගැටළුව අප කතා කරන්නේ කාලයක පටන්. ගීතයට වානිජ වටිනාකමක් ලැබීම ඉහල යාමත් සමග තමයි ශ්‍රී ලංකාව තුලමේ ගැටළුව එළිබසින්නේ. ගීතය විවිධ විදිහට භාවිතා කරමින් මුදල් හොයන එක අද අරුමයක් නොවෙයි. ස්ටාර් කියාගන්නා ආධුනික ගායක ගායිකාවන් තවමත් ජීවත් වෙන්නේ මේ අන් නිර්මාණකරුවන්ගේ ගීත විකුණාගෙනයි. ඒ ගීතයන් හි මුල් කෘතීන් හා නිසි අයිතිකරුවන් ගැන ඔව්න් කොහොමත් තැකීමක් නෑ. ඔව්න් තමන්ගේ තරඟය අවසන මෙරටේ වේදිකාවල පමණක් නොෙවයි පිටරට වේදිකාවලත් තවමත් ජීවත්ව සිටින ගායක ගායිකාවන්ගේ ගීත කියා ජීවත් වන බව අප්‍රසිද්ධ දෙයක් නොවෙයි. පහුගිය දවසක මම ඇසුවා ජෝතිපාල මහත්මයාගේ ගීයක් සම්පූර්ණයෙන් විකෘති කර ගායනා කර මුදල් හම්බකරන ආධුනිකයෙකුෙග් හඬක්. ඉතින් තමන්ට සල්ලි හම්බකරන්නත් තාවකාලික ප්‍රසිද්ධියටත් තම පෞරුෂයේ නිරුවත ප්‍රදර්ශනය කරන නවක ගායක ගායිකා පිරිස ගැන කතා කිරීමමත් කණගාටුදායකයි. සමහරවිටක සැබෑ නිර්මාණකරුවා මෙන් කිහිප ගුණයක් මුදල් ලබා ගන්නට මේ නිවට පිරිස් පෙළඹීමත් ඒ මුදල් ගෙවන්නට සූදානම් පිරිස් සිටීමත් මෙහි ඇති අවාසනාවන්ත තත්වයයි. එසේ වුද එළිමහන් ප්‍රසංගයකට යන අයෙකුගෙන් හෝ ඇසුවහොත් ඔව්න් මුල් නිර්මාණකරුවා ගේ ගීතය ඇසීමට වඩාත් ප්‍රියකරන් බැව් නොකිවමනායි. ඉතින් මේ ලැබෙන්නේ රසිකයනට අවශ්‍ය දේ ද නැති නම් මවාගත් දෙයක් ද කියන දේ ගැන කතා කිරීමම නිෂ්ඵල දෙයක්.
මාතෘකාවෙන් පිට කියල අයෙකුට හිතුණත් මේ තමයි පසුබිමින් ඇති ගැටළුව.
නමුත් මේ කතාවෙදි අපි මේ තරමි සංවේදී වෙන්නේ මේ ගීතය අපට ඇති සමීපතම සබැඳියාවත් මේ ගායිකාව, පදරචනය හා සංගීතය ගැන අපේ හිත ඇති ගෞරවයත් ඒ හා සමානවම කසුන් කල්හාර නම් නිර්මාණ ශිල්පියා ගැන අපි හැම දෙනාගේ ඇති බලාපොරොත්තුවත් නිසාවෙන් කියලයා මගේ අදහස. මගේ පුද්ගලික අදහස මේ ගීතය ගායනා කරලා තියෙන්නේ කසුන් කල්හාර නොවේ කියායි. ඔහුගේ භාවයන් මේ කට හඬ තුල මට දකින්න නැති නිසයි එහෙම කියන්නේ. කසුන් අනුකරණය කරන පරම්පරාවක්ම සිටින නිසා මේ ඒ එක් අයෙක් විය හැකියි කියායි මගේ අදහස. ඒ වාගේම අප දකින සමහර හානි කිරීම් වලට වඩා මෙය අඩු හානියක් බවත් මට හිතෙන්නේ මීට වඩා හානි කිරීම් දිනපතා රූපවාහිනියෙන් ප්‍රසංග වේදිකාවල සිදුවන නිසා.
ඉතින් මේ වැනි සිදුවීමක් වූ පලමු හා එකම අවස්ථාව මෙය නොවුනත් නන්දාමාලිනියගේ ගීයකට මෙවන් දැයක් සිදු කිරීම මා දුටු පලමු අවස්ථාව මෙයයි. ඉතින් අයෙකුට තර්ක කල හැකියි මේ එම ගීතයේම තවත් මානයක් කියා. ඇත්තෙන්ම ලෝක සංගීතය තුල මෙවැනි දේ ඕනෑ තරම් දැකිය හැකියි. නමුත් මේ ලෙසින් අනුන්ගේ දැයින් හම්බ කරගෙන ජීවත් වන හිඟන නවක ගායක ගායිකාවන් (වෙසෙසින්ම ස්ටාර්) සිටින රටක තමන්ගේ ප්‍රසිද්ධිය වාසිය තකා ඕනෑම දෙයක් කිරීමට සූදානම් පිරිස් ඇති රටක මෙවැනි දෙයක් සිදුවන විට රසිකයන් ලෙස අප සංවේදී වීම වැදගත් වෙන්නේ ඒ ගීතයටත් එහි නිසි හිමිකරුවනටත් මේ නිවටයින් පසුපස යා නොහැකි නිසාවෙන්.
මුල් කෘතියේ අයිතිකරුවන්ගෙන් කිසිදු අවසරයක් නොගෙන තමන්ගේ වාසිය වෙනුවෙන් කරන මෙවැනි දෑ ගැන නීතිමය කටයුතු කරන්නට ආයතනයක්/සංවිධානයක හෝ අවශ්‍යතාවයක් මා දකිනවා. ඉන් අවම ලෙස අපට මේ දේ වඩාත් ක්‍රමවත්ව නිර්මාණශීලීව වනු දැකිය හැකි වේවි. "
ඉහත කතා බහට අදාල මුහුණු පොතේ දිගුව
https://www.facebook.com/pages/Nanda-Malini-%E0%B6%9C%E0%B7%93%E0%B6%AD-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80/240406086103
ප. ලි.
රසවින්දනය යනු සීමා මායිම් වලින් කොටුකල නොහෙන අපරිමිත ආශ්වාදයකි. එලෙස සිතන විට මූල්‍ය අපේක්‍ෂාවලින් තොරව මුල් නිර්මාපකයින්ගේ ආශිර්වාදයෙන් සිදුකරන වෙනස්කම් සිදු නොවිය/නොකල යුතු බව මම කිසිසේත් නොසිතමි.
ගීතයක විවිධ මාන පුළුල් වන ලෙසත් එහි මුල් රාමුව වෙනස් කරමින් යම් විටක මුල් ගායක/ගායිකාවන්ගෙන් ඔබ්බට ගොස් නැවත ගායනය,සංෙයා්ජනය සිදුවීම විය යුත්තක් වන බවත් වැඩි දුරටත් සිතමි.
එසේ වුද ඉන් ඇති කරන බලපෑම සහ එහි මූලික අවශ්‍යතාවය ගැන සිතීමට, දැනීමට තරම් පරිචයක්, ඉවසීමක්, දැනුමක් හා අවබෝධයක් ඇති පරිණත බවක් මේ දෙවන නිර්මාපකයා සතු වීම රසිකයන් ලෙස අපට වඩාත් හිතකර වනු ඇත. එසේ නොමැතිව තමන් යන්නේ කොහේද ඉන්නේ කොතැනද කියා නොදන්නා විද්‍යුත් නාලිකාවන් හි පැවැත්ම වෙනුවෙන් දංගෙඩිය වෙත තම උදුම්මාගත් හිස තබා ගත් අහිංසකයින්ට මෙවන් දෑ කල හැකිද යන්න ගැටළුවකි.
Wednesday, November 14, 2012
බයිසිකලය ජීවිතය හා වාර්තා වැඩසටහනක්
ජීවිතයේ විවිධ ගැටළු ගැන අපි හැමදාම හිතන්නක්. හැබැයි මේ බොහොමයක් ගැටළු ගැන හිතුවොත් ඒ ගැටළු ගැන හිතන්නෙත් තවත් ගැටළු නැති නිසාද කියා හිතෙනවා.
මනුස්ස ජීවිතයේ අවශ්‍යතා වල ඇති වෙන වෙනස ගැන මට දැනෙන්න පටන් ගත්තේ මම හතර වසරෙදි විතර. මට තිබුණු පරණ කාලේ බයිසිකලයත් මගේ අසල්වැසි යාළුවන්ට තිබුණු බී එම් එක්ස් බයිසිකලුත් අතර තිබුණ වෙනස මට මහමෙරක් වගේ දැණුනේ. මොකද පාන් අරන් යන උන්දෑටත් තණකොල කපන්න යන ගුණපාලගේ බයිසිකලයටත් වඩා මගේ බයිසිකලය වෙනස් වුණේ ප්‍රමාණයෙන් විතරක් හිංදා.
අප්පච්චි කවරදාවත් ඒ ගැන ඒ තරම් උන්නදුවක් දැක්වුවේ නෑ. අන්තිමට රෝද දෙක කැරකෙනවට අමතරව බයිසිකලය ලස්සන කරන්න ස්ටිකර් අලවා දැම්මා. හැබැයි මේ වෙනුවට මට දැනෙන්න වුනේ මගේ බයිසිකලයේ තියෙන විශේෂය ගැනයි. හැබෑවටම මම ලොකු බයිසිකලයක් පදිනවා වගේ කියලා මම හිතන්න ගත්තා. එදා ඉඳන් මම මගේ බයිසිකලය ගැන අවතක්සේරු කළේ නෑ.
මේ බයිසිකල් කතාව ලියැවුනේ පහුගිය දවසක මම බලපු වාර්තා වැඩසටහනක් නිසා. ඇත්තටම සමහරක් දේවල් ගැන නිසි වටිනාකම අපට දැනෙන හැටි ගැන මටම තක්සේරුවක් කරගන්න හිතුන මේ වැඩ සටහන බැලුවට පස්සේ. සාමාන්‍ය පසුබිම් කථනය නැතුව සත්‍ය සිදුවීමට මුහුණ දුන්නු පිරිස විසින්ම කතා කරන මේ වාර්තා වැඩසටහන ටිකක් දිගු වුණත් අපූරු එකක් කියායි මගේ හැඟීම. ඉතින් ජීවිෙතන් පැයකට වඩා මේ වෙනුවෙන් වැය කරාට පාඩුවක් වුණේ නෑ කියලයි මම හිතන්නේ.
මනුෂ්‍ය ජීවිතය කොයි තරම් වටින්නේද! මොනයම් තත්වයකදී වුවත් හිතේ දිරිය ඇති අයෙක් සමග සිටී නම් ඔහු හො ඇය අවට සිටින්නන් කොයි තරම් වාසනාවන්තද!
වසර 1972 දී සිදු වූ මේ සත්‍ය සිදුවීම් පෙළ ඒ ගැන අපට පසක් කරනවා. අතිශය දුෂ්කර හිමෙන් වැසුණු ඇන්ඩීස් කඳු පෙළ අතර මාස දෙකක් ජීවත් වූ ඔවුන් ගැන කතාව එක් වරක් බලන්න
ජීවිතය ගැන සතුටු වන්න !!!
http://www.youtube.com/watch?v=sILm8VM-fec

Subscribe to:
Posts (Atom)