ජීවිතය හරි අගේ ඇති දෙයකි. මෙසේ සිතන්නට අප හරි කැමැත්තෙමු. ඇත්තෙන්ම එය එසේ නොවූවානම් අපට ජීවත් වීමට අවැසි නොවනු ඇත.
කොයි හැටි වෙතත් සිදුවීම් අප හිත් තුල සිතුවිලි මවයි. සිතුවිලි වලින් නොයෙක් ක්රියා කරවයි. යහපත් සිතුවිල්ලක් නම් යහපත් ක්රියාවක් ද යහපත් ක්රියාවක් නම් යහපත් ප්රතිඵල ද ලැබෙයි. ඒ සනාතන දහම බැව් අවබෝධය එතරම් අපහසු නැත. උදේ දිවා රැයේ සිව් දෙසින් බණ ඇසේ. මේදේ කියන්නට එතරම් අපහසුකම් කරදර විඳින්නේ ඇයි දැයි හිතේ.
නමුත් අද උදෑසන මට සිදුවූ සිදුවීමක් නැවත සිහිවේ.
උදේට කොහොමත් පාර තදබදය මහා වැඩිය. බොරැල්ලට ළං වෙන විට මම දැක්කේ පාර අයිනේ ඉඳන් කහ ඉර හරහා පාර පැන ගන්න වෙර දරණ පිරිසක්. ඉතිං කොහොමත් තදබදය අතරේ යන්න බැරි හිංදා මම නවත්ත ගත්තා රථය. පිරිස බොහොම පුදුමෙකින් නමුත් හරිම සතුටකින් පාර පනින්න උනා. ඒ බව දකින මට ඇති වුණු සතුට හා සැනසුම කිව නොහේ.
ඇත්තටම වාහන ධාවනය කරන්නන්ට විනාඩියක් දෙකක් ප්රමාද වීම මහත් ම අපහසු දෙයකි. ඒ බව මට තේරුණේ පසු පස හිටපු මෝටර් රථය නොනවත්වා නලාව ශබ්ද කරන්න ගත් තැනය. ඒ නම් මඳෑ ඒ මෝටර් රථ මා ළඟින් ගමන් කරන විට අපූරු බැණුම් ාපළකින් (හස්ත සංඥා මගින්) සත්කාර කලා නොවැ. පොඩිත්තක් වෙලා යනතෙක් මේ බනින්නේ මට යැයි තේරුම් ගියේත් ටිකක් පසුවී උනත් මට එක දෙයක් නම් තේරුනි. මගේ යහපත් ක්රියාවට අයහපත් ප්රතිඵලයක් ලැබෙන බවය.
මේ දේ ගැන ලියා තැබීමෙන් කොතෙක් දෙනාට යහපතක් වේදැයි මම මේ මොහොතේ නොසිතමි. ඒ වුනත් මහ මග රියදුරන් කොයි තරම් පීඩනයකින් හිඳින්නේ දැයි කියන දේ අවබෝධ කර ගන්නට මෙය මට උදව් වුන බව නම් පිලිගනිමි. .
ඉතින් මම ප්රතිඵලය කුමක් වුනත් පාරේ යන විට ඉවසීමෙන් යන්නට ඉටා ගතිමි. එය ඒ තරම් පහසු නැති බැව් අප හැම දෙනාම දනිමු. උත්සහයක් ගත්තාට වරදක් නැතැයි සිතේ.
මන්ද මම වඩාත් සතුටු වුනේ පාර පැනපු ඒ මිනිසුන් මා දෙස ස්තූතිය මුසු සැබෑ ළෙංගතු බැල්මකින් බැලූ නිසාවෙනි. කුඩා දරුවන් මට නලාව නාද කල ඈයින් දෙස තරහින් බලා සිටියහ. ඇත්තටම එයද අපේ රටේ අනාගතයට යහපතක් ඇති කරන්නේ නැත.
පදිකයින් රියදුරන්ටත් රියදුරන් පදිකයින්ටත් වෛර බැඳ ගනිමින් සිටී. කලින් සිටි තැන මතක ද?
සිදුවීම් අප හිත් තුල සිතුවිලි මවයි. සිතුවිලි වලින් නොයෙක් ක්රියා කරවයි. යහපත් සිතුවිල්ලක් නම් යහපත් ක්රියාවක් ද යහපත් ක්රියාවක් නම් යහපත් ප්රතිඵල ද ලැබෙයි.
සිතුවිලි කොතැනද?