Sunday, December 19, 2010

අහඹු කෞතුකාගාර සර

අපි ආසා කරන දේ අපි නොහිතන වෙලාවල ඉබේම අපට ලැබෙනවා කියන එක ඇත්තක් තමයි. මට ඒක දැනුනේ මේ කියන්න යන සිදුවීම හින්දා.

මහා සිංහල වංශ කතාව බලල ආපු ආවේගයෙන් විවිධ තැන්වල බොහොමයක් දවස් ඇවිදලකරල හොයාගත් හැම ඉතිහාස පොතක්ම පාහේ කියවලා හිත සනසගත්ත මට අළුතින් ලැබුණු පොත් කීපයක් කියවලා නැවතත් ඉතිහාසය ගැන යට කරගෙන උන්න ආසාව උඩට ඇවිත් බොහොමයක් දවස්. ඒ වුනත් ඒ ගැන වැඩ කටයුතු වලට වෙලාවක් වෙන් කරගන්නව කියන දේ කර ගන්න වෙලාවක් ලැබුනෙම නැති තරම්.

දෙසතියකට කලින් ඉරිදාවක මම වෙන වැඩකට බම්බලපිටියට ඇවිත් බලපුවාම වැඩේ ඉවර වෙන්න තව පැය 2ක්ම තියනවා කියලා දැන ගත්තහම කල්පනා කලේ මොකද කරන්නේ කියලා. තව දුරටත් නිකම්ම කඩකාමරවල තියන දේ බල බලා යන්න කාලය වැයකරන එක අපරාදේ කියන දේ හිතිලා ගොඩක් කල් නිසා නැවත රථයට නැගිලා පොඩ්ඩක් එලියට ගමන්ගත්තා. රැජින පාරෙන් ඇවිත් ඉදිරියට යන‍කොටත් මට අදහසක් නොතිබුණත් ඒ ගොඩනැගිල්ල දකිනකොටම මට තනියම හිනාවක් ගියේ මම නිවැරදි තැනකට ආවා කියන හැඟුම දැනිලා. ඒ තමයි සුදෝසුදුවට පෙනෙන අපේ කෞතුකාගාරය.

මම හිතන විදිහට මම කෞතුකාගාරයට ගියේ වසර 4කට පස්සේ. රුපියල් 25ක මුදලකට ලැබෙන ප්‍රවේශපතත් අරන් ඇතුලට යනකොට මම දැකපු මුල්ම දේ තමයි ඇතුල් වෙන්න හිටි බොහොමයක් නරඹන්නෝ විදේශිකයන් වීම. කොහොම වුණත් මගේ පුද්ගලික මතයනම් කෞතුකාගාරය මේ වෙන කොට ඉස්සරට වඩා පිලිවෙලයි කියන එක. ඒ වුණත් රටක කෞතුකාගාරය කියන තැන තිබිය යුත්තේ බඩු භාණ්ඩ විතරක්මද මීට වඩා හදාරන්නට කියවන්නට දෑ තිබිය යුතුයි කියලා මම හිතනවා. නමුත් ඒ ගැන නොවෙයි මම කතා කරන්නට යන්නේ!

මුළු කාලයේදිම මට හමු වුන ලාංකිකයන් අතරින් යුගල නොවන ඈයින් හිටියේ 15කට අඩු ප්‍රමාණයක්. හැම යුවලක්ම පාහේ වසර 25ට අඩු හෝ ඒ අවට පිරිස්. හැබැයි මේ හැම දෙනාම වාගේ හොඳ සංයමයකින් හැසිරුණා. සමහර විට ඔව්නට ආදරේ කරනවාටත් වඩා කටුගෙයි ඇති ශ්‍රේෂ්ඨ අතීතය සිහිපත් වුණාද කියලා දැනෙනවා. මම දන්නා තරමින් අපේ බොහොමයක් දෙනා අපේ රටේ පලමු රාජධානිය කුමක්ද? කියන පැනයට වුවත් පිලිතුරු දන්නේ නෑ. බොහොමයක් විට තම තමන් අන් රටවල විශාල ගොඩනැගිලි ආදී දුටු දෑ ගැන කියන බොහෝ දෙනාට (සමහරක් විට ඔව්න් එය හැබැහින් දැකලත් නෑ) තමන්ගේ රටතුල තිබෙන ලෝකයේ ගඩොලින් නිර්මිත පුරාණතම විශාලම නිර්මාණ ගැනවත් හැඟුමක් නෑ. අපට අපේ නුදුරු ඉතිහාසයේ කොතැනක හෝ වැරදිලා කියලා දැනෙන්නේ මේ දේවල් ගැන දැනුමක් හැඟුමක් නොමැති බොහෝ දෙනෙක් දකින නිසයි. ඉතිහාසය ගැන හැඟුමක් නැත්තාට දැය ගැනවත් රට ගැනවත් හැඟුමක් ජනිත නොවන බවයි මගේ හැඟුම. දැනුනත් ඒ හැඟුමට බරක් නෑ බොහොම සැහැල්ලු වගකීමක් නෑ. මෙහෙම පරපුරක් ගෙවෙන තැන ඉතිහාසය යම් පමණකින් මැකීයාවි.

ඉතිහාසය කරපින්නාගෙන යෑම කරන්න අවැසි නෑ. ඉන් ඇති සෙතකුත් නෑ. ජාතිය ආගමත් නොවේ ඉතිහාසය හැමෝටම පොදු දෙයක්. ඒ දේ වඩා හොඳින් කෞතුකාගාරයේ දකින්න තියනවා. බොහෝ විදෙස් සංචාරකයින් අතර අපේ මිනිසුන් කටුගෙයතුල ආඩම්බරයෙන් ගමන් කරන හැටිත් ඔව්නට විවිධ දෑ කියා දෙන හැටිත් හරිම අපූරුයි. ඉතින් මම හිතනවා දැන් නිසි කලක් ඇවිත් කියලා මේ ගැන අපේ මිනිසුන් උනන්දුකරවන්න. ඔබට නිකම්ම කල් ගත කරන්නට යනවෙලාව මේ වගේ තැනක ගත කරන එක පාඩුවක් නෑ කියලයි හිතෙන්නේ.

ඉතින් රුපියල් 25 ප්‍රවේශ පත්‍රයෙන් ඇතුලට ආපු මම පැය 2කම ගත කරලා (කෞතුකාගාරයක යම් කෙනෙකුට පැයකුත් තව අයෙකුට පැය 10ක් වුනත් ගත කරන්න පුළුවන් කියන කතාවත් හරි) එලියට ආවේ හිත තවත් සැහැල්ලු කරගෙන. වැඩි දියුණු විය යුතු සිදුවිය යුතු දෑ රැසක් කෞතුකාගාරයතුල තිබුණත් අපි අඩුම තරමේ වසර 2කට වරක් වත් මේ පැත්තේ ගියොත් අපට විවිධ තැන්වල කටයුතු කරන්න ලොකු ශක්තියක් තල්ලුවක් ලැබෙයි කියලා මම හිතනවා.

කාලය පලමු කොටස

ලියන්න කොතෙක් හිත ඇති වුණත් කාලය ඉතාම සීමිතයි!

ඒ නමුත් විවිධ තැන්වල ලියූ අතලොස්සක් දෑ අතරින් කිහිපයකින් හෝ යහපතක් වෙලා තියනවා කියා හැඟෙන්නේ යම් යම් ප්‍රතිචාර දකින විට. ඒ නමුත් මේ පිටුව අරඹනවිට මගෙ හිතේ තිබුණු ගැටළුවක් වුන අපේ රටේ පදිකයෝ හා රියදුරෝ කියන ලිපිය දිනපතා යාවත්කාලීන වෙනවා පාරේ යනකොට.

අපේ මිතුරන්ගේ ඉල්ලීම හින්දා එදිනෙදා කටයුතු වලින් වෙනස් වුන මුහුණු පොතේ ගීයක පහස කියන කණ්ඩායමත් ඇරඹුනා.

කරන කියන දෑ ගැන නැවත හැරිලා බලනකොට කාලය සීමිත වුණත් කරන කියන දේ හා ඇසුරු කරන්නන් හැම දෙනා ගැන තෘප්තිමත් බව ගේන්නේ හිතට පුදුම සැහැල්ලුවක් හා නිදහසක්