Thursday, April 22, 2010

අපේ රටේ පදිකයෝ හා රියදුරෝ

පසුගිය දවසක මට හැබෑවටම වෙච්ච දෙයක් හින්දා ලියන්න හිතුවා,

කාර් එකකින් මීගමුවේ ඉඳන් එනකොට තමයි මේ හැම දේම උනේ. වෙලාව හවස 3ට විතර කටුනායක පහුවෙනකොටම පාරේ අනිත් පැත්තේ හිටපු දෙන්නෙක් එකපාරටම පාර මැද්දට ඇවිත් ‍පැත්තවත් නොබලා පාරට පැන්නා. මම රථයේ තිරිංග තද කරලා අමාරුවෙන් නවත්තගත්තා. මේ පදිකයෝ දෙන්නා පාර පනින එක නවත්තලා ඇවිත් මට කෑ ගහ‍ගෙන ගියා. මම මොනවත් කියන්නෙ නැතිව අනේ අනිච්චං කියනකොට පිටි පස්සෙන් ආපු (සිද්ධිය දැකපු) අනිත් රථවල රියදුරෝ මැදියත් වෙලා ප්‍රශ්නේ විසඳුවා.

මීට දවස් කීපයකට පස්සේ මේව‍ගේම සිදුවීමක් මම කිරිල්ලවලදිත් දැක්කා. එතන වාහනයටත් හානි කරලා. මේ වගේ සිදුවීම් අපි දිනපතාම වගේ දැන් දකිනවා. මෙහිදී මම ලොකු අඩුපාඩුවක් දකිනවා අපේ පදිකයන්ගෙ දැනුවත් කම ගැන. අපි හැම වෙලවකම පදිකයගෙ පැත්ත තමයි ගන්න හුරු වෙලා ඉන්නේ. ඒකට නම් වැඩියෙන්ම වග කියන්න වෙන්නෙ බේබදු රියදුරන්ටයි දුම්මල වරම ගත්ත බස් රථ රියදුරන්ටයි තමයි

කොහොම වුනත් මේ සම්බන්ධයෙන් පදිකයො දැනුවත් මදි කියලයි මට හිතෙන්නේ. මේ ගැන නීතිය දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවනම් හොඳයි. ත්‍රී රෝද රථ හා බස් රථ රියදු‍රෝ ගැන ලියන්න ගොඩක් දේවල් තිබුනත් මේ සම්බන්ධව අපි ටිකක් කථා කලොත් යහපතක් වෙයි කියල හිතනවා.


බීමතින් රිය පදවනවානම් බලන්න
http://www.youtube.com/watch?v=J_rjnx_OebY&feature=fvsr